මේ දෙවෙනි රැල්ලේම දිගුවක්

සමහරුන් මෙය තුන්වන රැල්ලක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කලද වර්තමාන කොරෝනා තත්වය දෙවන රැල්ලේම දිගුවක් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි. A5 යූටියුබ් රූපවාහිනි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ උපුල් රෝහණ එක් එක් නිර්ණායක මත පදනම්ව කොරෝනා මරණ ප්‍රමාණය අඩුවෙන් පෙන්වීමට යමෙක් උත්සාහ ගත්තත් එය සාර්ථක උපක්‍රමයක් නොවන බව පවසයි.

කොරෝනා මර්ධන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කමිටු රාශියක් ඇති බව පවසන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ වන විට ගනිමින් සිටින තීරණ ගත්තේ කුමන කමිටුවෙන් දැයි තමන්ටද ප්‍රශ්නයක් ඇතැයි පවසයි.

රෝහල් වල ධාරිතාව ඉක්මවා ගොස් ඇතිබවත් රෝගීන් රැසක් නිවෙස්තුල සිටින බවත් පවසන උපුල් රෝහණ මූලාශ්‍ර හඳුනා නොගත් කොරෝනා පොකුරු රටපුරා හමුවන බවත් පවසයි.

රට වසා දැමීම ආර්ථික ක්‍රියාවලියට දැඩි බලපෑමක් වන බව සත්‍යයක් නමුත් ඇතිවෙමින් යන තත්වය අනාගතයේදී රටට සහ ආර්ථිකයට ඊට වඩා දැඩි බලපෑමක් වනු ඇති බව පවසන උපුල් රෝහණ කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන් රට වසා දමා වෛරසය ව්‍යාපතිය පාලනය නොකලොත් කොරෝනා ආසාදිතයන් නිවෙස් තුල මිය යනු ඇතැයි අනතුරු අඟවයි.

(lankatruth)