සංචරණ සීමා ඉවත් කල පසු තැපැල් සේවාව ආරම්භ කරන්න

සංචරණ සීමා ඉවත් කල පසු තැපැල් සේවාව ආරම්භ කරන්න

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ තැපැල් සේවකයින් සේවයට කැදවීම දැඩි අවදානම් බැවින්ද, පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක නොවන අවස්ථාවක තැපැල් බෙදීම් කටයුතු ආරම්භ කිරීම සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසු තැපැල් ස්ථාන විවෘත කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් තම සාමාජිකයින්ට සේවයට වාර්තා නොකරන ලෙස දැන්වත් කරන බව තැපැල් වෘත්තීය සමිති බලය විසින් තැපැල්පති වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

තැපැල් බෙදීම් කටයුතු ආරම්භ කිරීම.

එළඹෙන 2021.05.31 දින තැපැල් ප්‍රවාහනය සිදුවන බවත් ඒ අනුව තැපෑල භාර ගැනීම සදහා තැපැල් කාර්යාල විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් දන්වා තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත පණිවුඩ යවා ඇති බව දැනගන්නට ඇත. එමෙන්ම මෙලෙස ඉදිරිපත්කර තැපැල් මළුවල අඩංගු ස්පීඩි පෝස්ට්, එස්ඕඩී හා ඊඑම්එස් පාර්සල් 2021.06.01 දින සිට බෙදීමට කටයුතු කරන ලෙසටද දන්වා ඇති බව දැනගන්නට ඇත.

දැනට රජය විසින් ක්‍රියාත්මක කර ඇති නිරෝධායන කාළ සීමාව 2021.06.07 දක්වා ක්‍රියාත්මක වන අතර ඒ දක්වා කාළසීමාව තුල තැපැල් කාර්යාල විවෘත කිරීමට අවසර දී ඇත්තේ මහජනතාවගේ මාසිකව සිදුකරන ගෙවීම් සිදුකිරීමට පමණක් බව ඔබ තුමන් අමතූ කොවිඩි 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ 2021.05.16 දිනැති කොපැවැ ජාක්‍රිම / 02 / 2020 / (174 ) අංක දරන ලිපිය මගින් දන්වා ඇත. ඒ අනුව පසුගිය 28 හා 29 දිනයන්හීදී මේ සදහා තැපැල් කාර්යාල විවෘත කළ අතර එම දිනයන්වල ද  රාජකාරී සදහා පැමිණීමට කිසිදු ප්‍රවාහන ක්‍රමවේදයක් සලසා නොතිබූ අතර එම තත්ත්වය තුල කාර්යය මණ්ඩලය සේවයට වාර්තාකර තිබුනේ දැඩි අපහසුතා මධ්‍යයේ බව කාර්යය මණ්ඩල සමාජිකයින් විසින් අප වෙත වාර්තා කර ඇත. එසේම පවතින සංචරණ පාලන තත්ත්වය තුල මෙලෙස කාර්යාල විවෘත කර තැපැල් බෙදීම ආරම්භ කිරිම ඉහත කොවිඩි 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් අමු අමුවේ උල්ලංගණය කිරීමක් බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

එමෙන් මෙලෙස තැපැල් කාර්යාල විවෘත කර පවතින වසංගත තත්ත්වය තුල තැපැල් බෙදීමේ කටයුතු සිදුකිරීමේදී සේවකයිගේ ආරක්ෂාව සලසා ගැනීම සදහා අත්‍යාවශ්‍ය කරන කොරෝනා ආරක්ෂිත එන්නත තැපැල් සේවකයන් වෙත ලබා දෙන ලෙස අවස්ථා ගණනාවකදී ඉල්ලා ඇතත් මේ දක්වා තැපැල් සේවකයින් සදහා මෙම පහසුකම් සලසා දීමට  අදාල සියළු පාර්ශව අපොහොසත්වී ඇත. එවැනි තත්ත්වය තුල අනාරක්ෂිතව තැපැල් කටයුතු කිරීම තුල සේවකයින්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වනවා මෙන්ම රෝගය ප්‍රවර්ධනය කරන රෝග වාහකයෙකු බවට තැපැල් සේවකයා පත්විය හැකි බව ඉතා කනගාටුවෙන් වුවද දන්වා සිටිමු. එමෙන්ම අද දිනද සමහර ස්ථානවල රාජ්‍ය සේවකයින්ට එන්නත ලබා දී ඇති අතර එයින් සමහර ස්ථානවල තැපැල් සේවකයින්ගේ තොරතුරු ඉදිරිපත් නොවීම තුල එම ස්ථානවල එන්නත ලබා ගැනීමට ගිය තැපැල් සේවකයින්ට පැවති අඩුපාඩු මත අද දිනයේද එම අවස්ථාව සපුරා ගැනීමට නොහැකි වී ඇත.

එමෙන්ම ඖෂධ බෙදීමද නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනගන්නට ඇති අතර පසුගිය දා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළ පරිදි සියළු තැපැල් සේවකයින්ට කොවිඩ් 19 ආරක්ෂිත එන්නත ලබා දෙන තෙක් අප සංගම් නියෝජනය කරන සේවකයින් මෙම ඖෂධ බෙදීමේ රාජකාරී කටයුතු සදහා සම්බන්ධ නොවන බවත් මෙහිදී සදහන් කරමු.

එමෙන්ම මධ්‍ය තැපැල් හුවමාරුවේ ඇති තැපැල් විධිමත් ක්‍රමවේදයන් 100% අනුගමනය නොකරමින් තැපැල් කාර්යාලවලට යැවීමට කටයුතු කරන බවත් දැන ගන්නට ඇත. මෙලෙස කටයුතු කිරීම තුල තැපැල් භාණ්ඩ අස්ථානගතවීමේ අවදානමක් පවතින අතර එවැනි තත්ත්වයක් තුල සේවයකයින් අනවශ්‍ය ගැටළුකාරී තත්ත්වයන්ට පත් නොකරන ලෙසද ඉල්ලමි. මෙම තැපැල් මළු අනවශ්‍ය පරිදි තැපැල් කාර්යාලවල ගොඩ ගැසීම තුල ප්‍රාදේශිය කාර්යාලවලද ගැටළු ගණනාවක් ද ඇති වනු ඇත. එමෙන්ම වසංගත වතාවරණය ඉතා භයානක තත්ත්වයකට හැරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ නිති වාර්තා කරණ අතර ලෝකයේ මෙම වෛරසය සුළගින් පවා බෝවන තත්ත්වයට අනුවර්ථනය වී ඇති බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය තුල සංචරණ සීමා පනවා ඇති අතර එම තත්ත්වයන් සැලකිල්ලට නොගෙන තැපැල් සේවකයින් සේවයට කැදවීම දැඩි අවදානම් බැවින්ද, සේකයින් හට සේවයට වාර්තා කිරීමට පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක නොවන අතර ඒ සදහා විකල්ප ක්‍රමවේදයක් සූදානම්කර නොමැති තත්ත්වයක් තුලද සේවකයින් සේවය පැමිණිමේ දී දැඩි ගැටළුකාරී තත්ත්යන්ට මුහුණ පෑමට සිදුවන හෙයින්ද, පවතින සංචරණ සීමාවන් නිම වීමෙන් පසු කාර්යාල විවෘත කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

එලෙස කටයුතු නොකර 2021.06.01 කාර්යාල විවෘත කරන්නේ නම් ඉහත අපහසුතාවන් මත සේවයට වාර්තා නොකරන ලෙසට අප සංගම් සමාජිකත්වය දැණුවත් කිරීමට සිදුවන බව ඉතා කනගාටුවෙන් යුතුව දැණුම් දෙමු. එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සකච්ඡා කිරීමට අවශ්‍යවන්නේ නම් ඒ සදහා ඉක්මන් සාකච්ඡාවක් ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලමි.

මෙයට,

         නියෝජනය කරන සංගම්

නම

සංගමය

තනතුර

දුරකථන අංකය

එච්.කේ.කාරියවසම්

තැපැල් සහ විදුලි සංදේශ නිළධාරීන් සංගමය

ප්‍රධාන ලේකම්

0714924122

කේ.එම්.චින්තක බණ්ඩාර

ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය

ප්‍රධාන සභාපති

0776214821

ජී.එම්.හෙට්ටිආරච්චි

ජාතික තැපැල් සහ විදුලිසංදේශ සේවක සංගමය

ප්‍රධාන සභාපති

0714285620

එචි.ඒ.ආර්.නිහාල්

එක්සත් ජාතික තැපැල් සේවක සංගමය

ප්‍රධාන ලේකම්

0753777978

මංජුල ප්‍රනාන්දු

ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තීය වේදීන්ගේ සංගමය

ප්‍රධාන සභාපති

0761494415

ජගත් මහින්ද

ලංකා තැපැල් සේවා සංගමය

ප්‍රධාන සභාපති

0771967440

  පිටපත්

  1. ගරු ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා. (කඩිනම් මැදිහත් වීම සදහා)
  2. ජගත් පී.විජේවීර මහතා ,ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශය (කඩිනම් මැදිහත් වීම සදහා)
  3. සම්බන්ධීකාරක,කොවිඩි 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
  4. අධිකාරී ( මතැහු) (කඩිනම් මැදිහත්වීම සදහා)