අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක්

අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක්

මේ වනවිට ආර්ථික සංවර්ධන නිලධාරීන්ට, ග‍්‍රාම නිලධාරීන්ට, පරිපාලන ග‍්‍රාම නිලධාරීන්ට, සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට, ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ති‍්‍රක් රෙල්කම්වරුන්ට විශේෂ දීමනාවක් ලබාදීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ඉල්ලීම වුයේ අත්‍යවශ්‍ය රාජකාරී සදහා කැදවන සියලූ රාජ්‍ය සේවකයින්ට විශේෂ දීමනාවක් ගෙවන ලෙසයි.

නමුත් පොදු ප‍්‍රවාහනය නොමැති වීම ඇතුළු කරුණු රැසක් හෝතුවෙන් සේවයට පැමිණෙන සියලූ නිලධාරීන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇති අතර, විශේෂයෙන් 2020 සහ 2021 බදවාගත් අභ්‍යාසලාභීන් රුපියල් 20000ක සොච්චම් මාසික දීමනාව පමණක් ගෙන දැනට පවතින සියලූ රාජකාරි සදහා වාර්තා කර බවත්, එම තත්ත්වය තුළ සියලූ රාජ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.