හෙද ගැටළු නොවිසදන්නේ නම් රටපුරා සියලූ රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට කටයුතු කරන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉතා අවධානම් සහ භාරධූර රාජකාරියක නිරතව සිටින මෙරට 38000ක පමණ හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන වෘත්තීය ගැටලූ ගණනාවක් විසඳාගැනීම අරමුණු කොට පසුගිය මැයි 31වන දා තෝරාගත් රෝහල් ගණනාවක හෙද කාර්ය මණ්ඩලය එක්දින අසනීප නිවාඩු වාර්ථා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලෙන ලදි.
එහි දී ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික අක්ෂි රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලූ දිවයිනේ රෝහල් ගණනාවක හෙද කාර්ය මණ්ඩලය එම වෘත්තීය ක්‍රියාමාර්ග හා සම්බන්ධ විය. එහි ප්‍රථිඵලයක් ලෙස 2021.06.01 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හෙද ගැටලූ සම්බන්ධව විධිමත් සාකච්ඡාවක් සංගමයට ලබා දෙන ලදි.
එහි දී ඉදිරිපත් කළ ගැටලූ ගණනාවකට විසඳුම් වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරත්, සාකච්ඡාවෙන් පසුවත් ලබාදෙන ලදි. නමුත් සාකජ්චාවේ දී එකඟ වූ තවත් ගැටලූ කිහිපයකට විසඳුම් මේ දක්වා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර
නොමැත. සාකච්ඡාවේ දී අප දැණුම් දී සිටියේ දින 14ක් ඇතුලත අදාල ගැටලූ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් එසේ නොවන්නේ නම් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවයි.
ඒ අනුව ඉහත ගැටලූ විසඳීම කඩිනම් නොකරන්නේ නම් එළඹෙන සතිය තුළ රටපුරා සියලූ රෝහල්වල හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට කටයුතුකරන බව සංගමය සෞඛ්‍ය බලධාරීන් වෙත ලිඛිතව දැණුම් දී ඇත.
