හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය දැනගන්න

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය දැනගන්න
අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
 
එම තීරණයට අනුව කොළඹ  දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කර ඇත.
 

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් බලප්‍රදේශයේ කෙරඟපොකුණ ජෝර්ජ් පාර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 06 සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බව ත් හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.