වරායේ සර්ජිකල් මාක්ස් ගැනීමෙන් වලින් වංචාවක් සිදුවෙලාද ?

auditor-general

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොවිඩ් වසංගත සඳහා මුහුණු ආවරණ මිළදී ගැනීමේදී සිදුව ඇති වංචාව සම්බන්ධව වහාම පරික්ෂණයක් කරන ලෙස විගණකාධිපතිවරයා වෙත සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කොවිඩ්- 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වරාය සේවකයින් 10000 ක් සඳහා පසුගිය කාලය පුරා වරාය අධිකාරිය විසින් මිළදී ගෙන ඇති මුහුණු ආවරණ, විෂබීජ හරන දියර, ආරක්ෂිත ඇඟලූම් ඇතුලූ භාණ්ඩ හා උපකරණ අධික මිළ ගණන් යටතේ මිළදී ගෙන ඇත. එසේම එම භාණ්ඩ මිළදී ගැනීමේදී මිළදී ගැනීමේ පටිපාටිය උල්ලංගණය කරමින් කටයුතු කර ඇත.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා පසුගිය මාස හයක කාලය තුල මිළදී ගනු ලැබූ භාණ්ඩ වල මිළ ගණන් පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව කරුණු තහවුරු කර ගත හැක.

උදාහරණ ලෙස සඳහන් කළහොත් එක් වරක් පමණක් පාවිච්චි කර ඉවත දමන සර්ජිකල් මාක්ස් එකක් එකක් මිළදී ගෙන ඇත්තේ රුපියල් 40/- බැගිනි. එම මාක්ස් මසකට ලක්ෂයකට වඩා වරාය මිළදී ගෙන ඇත.

මෙම වංචනික මිළදී ගැනීම් පිලිබඳව ඔබතුමාගේ කඩිනම් අවධානය යොමුකර විගණන පරීක්ෂාවක් සිදුකරන ලෙස අප සමිතිය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.