පරිපූරක වෛද්‍ය සේවාවට අදාල පැන නැඟී ඇති පහත දීර්ඝකාලීන ගැටළු වලට මෙතෙක් සාධනීය විසඳුම් ලබාදීම පමා කිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවන අතරම ඊට අදාල 2019.08.07 දින ගරු සෞඛ්‍ය ඇතුතිතුමා සමඟ පැවති සාකච්ඡාවට අදාල සාකච්ජා සටහන පිළිබඳවද ඔබගේ අවධානය යොමු කරවමි.
ඒ අනූව උක්ත ඉල්ලීම් සම්බන්ධයෙන් ජුනි මස 30 වැනි දිනට ප්‍රථම සාකච්ඡාමය අවස්ථාවක් හෝ විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.
තවද මෙම සමාන ඉල්ලීම් වෘත්තීන් සමඟ තනි තනිව සාකච්ඡා කොට විවිධ තීරීණ ගැනීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ඉහල බලධාරීන් විසින් අනුගමනය කිරීම හේතුවෙන් අප වෘත්තිකයන් බරපතල නොසන්සුන්තාවයකට පත් වී ඇති බවත්, එය හිතාමතාම සිදුකරන ලද්දක් බැවිනුත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති කිරීම පිළිබඳ වගකීම අදාල අසමාන හා කල්ලිවාදී තීරණ ගනු ලබමින් සිටින පාර්ශ්වයන් විසින් භාරගතයුතු බවද අවධාරණය කරමු.
