හෙට සිට දුම්රිය  ගමන් සිදුවෙන්නේ මෙහෙමයි

හෙට සිට දුම්රිය  ගමන් සිදුවෙන්නේ මෙහෙමයි
දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් ගත් තීරණයකට අනුව හෙට දිනයේ සිට  දුම්රිය ගමන් වාර 70ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්‍රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් ගත් තීරණයකට අනුව හෙට දින සිට ප්‍රධාන මාර්ගයේ අඹේපුස්,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක සිට ගමන් වාර 5 ක් ද ,පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව සිට ගමන් වාර 8 ක් වශයෙන් ද උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රිය ප්‍රමාණය ද සවස කොළඹ කොටුව හා මරදාන සිට එම ප්‍රදේශය වලට නැවත සවස ධාවනය කිරීමට නියමිත බවයි.
 
එමෙන්ම,දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස ජුනි 28 වන දින සිට පලාත් අතර ( මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා ) දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා නොලැබී මත තව දුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවෙන බවත් සඳහන්.