සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සටනට

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් සටනට

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගැටලූ නොවිසඳීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.

දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනයන්හි සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බලපා ඇති ගැටළු ගණනාවක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස දිගින් දිගටම ආණ්ඩුව හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සටියද ඒ සඳහා කිසඳු සාධනීය පිළිතුරක් මේ වනතෙක් ලැබී නැති අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ,

  1. ආදේශක හා අනියම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර කර ගැනීම,
  2. නිල ඇඳුම් දීමනාව රු 18000 ලබා ගැනීම,
  3. අතිකාල සඳහා රේට් ක්‍රමය ක්‍රියාත්මක කර ගැනීම,
  4. විධිමත් මාරු මණ්ඩල ක්‍රියාත්මක කර ගැනීම,
  5. වාර්ෂික උසසවී් ම් විධිමත්ව ක‍්‍රියාත්මක කර ගැනීම,
  6. දින 05 සතිය ක‍්‍රියාත්මක කර ගැනීම,
  7. කොවිඩ් අනතුරු දීමනාව සඳහා සාධාරණ මුදලක් #කොවිඩ් නිමවන තෙක් ලබා ගැනීම,
  8. කොවිඩ් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ප්‍රමාණවත්ව ලබාගැනීම,
  9. නිවැරදි බඳවා ගැනීම් පරිපාටි ක්‍රියාත්මක කර ගැනීම,
  10. අවධානම් දීමනා සයි ලූම කාර්ය මණ්ඩලය සඳහා ලබාගැනීම,
  11. 06/2006 චක්‍රලේඛය විධිමත්ව ක්‍රියාත්මක කර ගැනීම,
  12. ආණ්ඩුව විසින් කලින් කලට නිකුත් කරන චක්‍රලේඛ විධිමත්ව ක්‍රියාත්මක කර ගැනීම,
  13. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විධිමත් පුහුණුවක් ලබා ගැනීම,
  14. නීතිවිරෝධිව බහුකාර්ය සංවර්ධන සේවා බලකා සාමාජිකයින් සෞඛ්‍ය සේවාව සඳහා අනුයුක්ත කිරීම නතර කිරීම.

ඇතුලූ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා 2021/07/05 සහ 06 යන දෙදින සැලසුම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.