සඳුදා සිට ඔන්ලයින් ඉගැන්වීම් නවතී

සඳුදා සිට ඔන්ලයින් ඉගැන්වීම් නවතී

කොවිඩ් වසංගත තත්ත්වය තුල වසා පාසල් වසා ඇති බැවින් සිසුන්ගේ අධ්‍යාපනය මේ වන විට  ඔන්ලයින් මගින් සිදුකරන අතර එය ලබන සඳුදා (12) සිට නැවැත්වීමට තීරණය කල බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

පසුගිය (08) වන දා කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුලු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනට යොමු කිරීමට විරෝධය පල කරමින් සහ ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙදී ගුරුවරුන් මුහුණ දෙන ගැටලු වලට පිලියම් යොදන ලෙස බලකරමින් එළඹෙන සඳුදා සිට ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහනින් ඉවත් වීමට සියලුම ගුරු සංගම් තීරණය කල බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.