සංචරණ සීමා සේවයට වාර්තා කිරීමට නොහැකි අයගේ නිවාඩු දින හිලව් කරලා

සංචරණ සීමා සේවයට වාර්තා කිරීමට නොහැකි අයගේ නිවාඩු දින හිලව් කරලා

සමස්ත ශ්‍රී ලංගම සේවකයින් සේවයට වාර්තා කරවීමේ ක්‍රියාවලිය සහ සංචරන සීමා දිනවල සේවයට නොපැමිණි සේවකයන් හට ඔවුන්ගේ නිවාඩු වලින් එම දිනහිලව් කිරීමේ ක්‍රියාවලිය වලක්වා ලීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ මොහොතේ උද්ගත වී ඇති කොරෝනා උවදුර නිසා ශ්‍රී ලංගමය තුල ඇති සමස්ත බස්රථ ප්‍රමාණය ධාවනය වන්නේ නැත. ඒ හා සමානවම ශ්‍රී ලංගම ආයතන වල, ඩිපෝ වල, වැඩබිම් වල විධිමත්ව අදාළ ක්‍රියාවලියන් සිදුවන්නේ ද නැත. එම නිසාම සියළුම සේවකයින් සේවයට වාර්තා කරවීමේ ක්‍රියාවලිය වෙනුවට සේවකයින් දින වලට බෙදා වෙන්කර අදාල සේවකයින් පමණක් එම දිනවලට සේවයට කැඳවීමට අවශ්‍ය ක්‍රියාවලිය කඩිනමින් සකස් කරන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ප්‍රථමයෙන් ඉල්ලා සිටින්නෙමු.

මීට අමතරව සංචරණ සීමා පනවන ලද දිනවල සේවකයන් හට සේවයට වාර්තා කිරීම කිසිසේත් සිදුකළ නොහැකිය. ඇතැම් ඩිපෝවල, ආයතන වල සංචරණ සීමා පනවන ලද දිනවල සේවයට නොපැමිණි සේවකයන් හට ඔවුන්ගේ නිවාඩු එම සේවකයින් නොපැමිණි දිනවලට හිලව් කිරීමේ ක්‍රියාවලිය මේ මොහොතේ ක්‍රියාත්මක වේ. මෙම ක්‍රියාවලිය සේවකයින් හට කරනු ලබන බලවත් අසාධාරණයකි. එම නිසා සංචරණ සීමා පනවන ලද දිනවලට සේවයට වාර්තා කිරීමට නොහැකි වූ සේවකයන් හට ඔවුන්ගේ නිවාඩු හිලව් කිරීමේ ක්‍රියාවලිය වලක්වා එම සියලූම දිනයන් මණ්ඩලය මගින් ලබා දෙන නිවාඩු ලෙස අනුමත කරන ලෙස දෙවනුව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

ගරු සභාපති තුමනි, ඉහත සඳහන් කරුණු පිළිබඳව ඔබතුමාගේ විශේෂිත අවධානය යොමුකර එම ඉල්ලීම් ඉටුකර දීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.