විභාග අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට

විභාග අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට

කෘෂි විද්‍යා/ විද්‍යා උපාධිධාරීන්ට කෘෂිකර්ම සේවා (සීමිත) තරඟ විභාගය අහිමි කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිෂමට මූලික අයිතිය අහිමි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට අද (13) දින පැමිණිලි ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයට අනුව, ශ‍්‍රී ලංකා කෘෂිකාර්මික සේවා ව්‍යවස්ථාව සංශෝධනය කර ගැසට් පත්‍රයක් 2021.06.29 දින රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් නිකුත් කරන ලදි.

එම සංශෝධන මඟින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ආශ්‍රිත සේවාව යටතේ සේවයේ නියුතු සිව් අවුරුදු කෘෂි විද්‍යා හෝ විද්‍යා උපාධියක් සහිත උපාධිධාරීන් කොටසකට කෘෂිකාර්මික සේවා දීප ව්‍යාප්ත සීමිත තරඟ විභාගය සඳහා පෙනී සිටීමේ අවස්ථාව අහිමි කර ඇත.

එකම අධ්‍යාපන සුදුසුකම් සහිත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල කෘෂි විද්‍යා හා විද්‍යා උපාධිධාරීන්ට ඉහත සඳහන් සීමිත තරඟ විභාගයට පෙනී සිටීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩ ලබා දී ඇතත් එම සුදුසුකම් සහිත කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අදාළ ආයතනවල සේවයේ නියුතු කෘෂි විද්‍යා /විද්‍යා උපාධිධාරීන්ට අදාළ තරඟ විභාගයට පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි කර ඇත.

2021.06.29 දින අංක 2234/12 දරණ ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ සේවා ව්‍යවස්ථා 6 වන සංශෝධනය මඟින් සමාන අධ්‍යාපන සුදුසුකම් සහිත කොටසකට තරඟ විභාගයට පෙනී සිටීමේ මූලික අයිතිය අහිමි කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.