අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර කිහිපයක් හෙට සිට

අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර කිහිපයක් හෙට සිට
අන්තර් පළාත් සීමිත බස් ගමන්වාර සංඛ්‍යාවක් හෙට (14) සිට ධාවනය  කිරීමට හෙට සිට කටයුතු සූදානම්කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය  නිවේදනය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුටත් අදහස් දක්වමින්රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ඒ සඳහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය  හිමිවී තිබෙන බවයි.
 

ගමනාගමනය සඳහා පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශයේ පිරිස් සඳහා අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ගමන් කළ හැකි අතර මගීන් සන්තකයේ අවශ්‍ය ලිපි ලේඛන තිබිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.