ඊයේ ආරම්භ වූ ගුරු-විදුහල්පතිවරුන්ගේ ONLINE වර්ජනය අඛණ්ඩව ඉදිරියට

ඊයේ ආරම්භ වූ ගුරු-විදුහල්පතිවරුන්ගේ ONLINE වර්ජනය අඛණ්ඩව ඉදිරියට

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ පාසල් පද්ධතිය වසාදැමූ පසු ගුරුවරු ස්වේච්ඡාවෙන් සිදු කළ මාර්ගගත ඉගැන්වීම් ඊයේ දින 2021.07.12 දින සිට නතර කර සියලු ගුරු විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.

අනීතිකව රදවා සිටින ගුරු වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකරමින්, අධ්‍යාපන ගැටලු සහ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසඳීමට එරෙහිව හඬ නඟන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නායකයින් මර්දනයට එරෙහිව හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව ගුරු-විදුහල්පතිවරු විසින් සිදු කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විටත් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති අතර, ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස තවමත් අනීතිකව රඳවාගෙන සිටී.
මේ තත්වය ගුරු-විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කර සිටිමු.

ලංකා ගුරු සංගමය, ලංකා ගුරුසේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරි ගුරු සංවිධානය, ලංකා ගෘහ වි. හා කෘෂි වි. ඩිප්ලෝ: සංගමය, ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංගමය