වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන්නැයි හෙට සංවර්ධන හා අභ්‍යාසලාභීන් වර්ජනයකට

වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන්නැයි හෙට සංවර්ධන හා අභ්‍යාසලාභීන් වර්ජනයකට

අනීතිකව රඳවාගෙන සිටින වෘත්තීය සමිති නායකයින් ඇතුළු සියලූදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා හෙට (14) සංවර්ධන නිලධාරීන් සහ අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත් වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ, අයිතීන් ඉල්ලා විරෝධතාවයේ යෙදුන ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් ඇතුළු ගුරු සංගම් නායකයින්, මේ වනවිට අනීතිකව හමුදා රැඳවුම් භාරයේ තබාගෙන ඇත.

මීට එරෙහිව මේ වනවිටත් ගුරු සංගම් වර්ජනයක් කැඳවා ඇත.

අනීතිකව රඳවා සිටින සියලූදෙනා වහා මුදාහරින ලෙස ඉල්ලා හෙට (14) දින සංවර්ධන නිලධාරීන් හා අභ්‍යාසලාභීන් සේවයෙන් ඉවත් වීමේ කි‍්‍රයාමාර්ගය ගනී.