කොවිඩ් නිසා රැකියා අහිමිවූ අවිධිමත් ක්ෂේත්‍රයේ සේවකයින් සිය ගැටළුවලට මැදිහත්වෙන ලෙස ඉල්ලයි

කොවිඩ් නිසා රැකියා අහිමිවූ අවිධිමත් ක්ෂේත්‍රයේ සේවකයින් සිය ගැටළුවලට මැදිහත්වෙන ලෙස ඉල්ලයි

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයන් විසින් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  පී. රාධාක්‍රිෂ්ණන් මහතා හමුවුණා. මෙම සාමාජිකයන් සියළු දෙනා ගෘහ සේවකයන් සහ අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සාමාජිකාවන් වන අතර එහි දී ඔවුන් වසන්ගතය හමුවේ තම රැකියා අහිමි වීම නිසා මුහුණ දීමට සිදුවී ඇති ගැටළු ඇතුළත් ලිපියක් භාර දෙමින් ඒ පිළිබඳව දැනුවත් කළා. 

විශේෂයෙන්ම ශ්‍රම බලකායෙන් බහුතරයක් නියෝජනය කරන අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ යහපත් රැකියා කොන්දේසි හෝ වෘත්තීය අයිතිවාසිකම් දක්නට නොලැබේ. නමුත් අප විශ්වාස කරන පරිදි ඔවුන්ද මෙම ආර්ථිකයට අවිධිමත්ව වුවද සුවිශේෂී දායකත්වයක් සපයයි.  

ගෘහස්ථ සේවක කම්කරුවන් කිසිදු ආකාරයක වෘත්තීය අයිතිවාසිකම්, නෛතික රැකවරණයක්, සමාජාරක්ෂණ ක්‍රමයක් හෝ යහපත් රැකියා කොන්දේසි අහිමි කම්කරුවන් පිරිසකි. ඒ වෙනුවෙන් ලෝක කම්කරු සංවිධානය විසින් සම්මත කොට ඇති ILO C 189 ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සේවකයන්ට ගැළපෙන පරිදි අපරානුමත කර ගැනීමට අවශ්‍යය සහයෝගය ද පාර්ලිමේන්තුව තුළ දී සහ ඉන් පිටත කටයුතු සඳහා ලබා දෙන මෙන් රාධාක්‍රිෂ්ණන් මහතාගෙන් ඉල්ලා සිටියා.

ගෘහස්ථ සේවකයින් 1500කට ආසන්න ප්‍රමාණයක් අප සංගමයේ සාමාජිකත්වය දරයි. පවතින කොරොනා වසංගතය හමුවේ ඔවුන්ගෙන් 75% කගේ පමණ රැකියා අහිමි වී ඇති අතර, මේ වන විට ආර්ථික ගැටලු රැසකින් පිඩා විඳිමින් සිටී. මෙලෙස පිඩාවට පත්ව සිටින කම්කරුවන් වසංගතය අවසන් වනතුරු සඳහා රජය මගින් සහනාධාර වැඩපිළිවෙලක් සකස් කර දෙන මෙන් ඉල්ලා සිටියා.

මෙම අවිධිමත් අංශයේ කම්කරුවන් වෙනුවෙන් හැකි උපරිමයෙන් මැදිහත් වී ඔවුන්ට යහපත් ජිවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් ද ඉල්ලා සිටි අතර උක්ත කාරණා සඳහා තමන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවත් කඩිනමින් ආධාර වැඩසටහනක්  මෙම කම්කරුවන් වෙනුවෙන් සිදු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී  පී. රාධාක්‍රිෂ්ණන් මහතා පොරොන්දු විය.

haton 2