ගුරු ඇතුළු වෘත්තිය සමිති රැසක් කොළඹදී දැවැන්ත විරෝධතාවයක

ගුරු ඇතුළු වෘත්තිය සමිති රැසක් කොළඹදී දැවැන්ත විරෝධතාවයක
ගුරු වෘත්තිය සමිති නායකයින් නිරෝධායනයට යොමු කිරීමට  විරෝධය දක්වමින් ගුරු වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති රැසක් අද දින කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන ලදී.
 
නිදහස් අධ්‍යාපනය සදහා වූ සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අතරතුර නිරෝධායන රීති කඩකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප හිමි වීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කෙරුණු අතර විරෝධතාවේ නිරත පිරිස් ඉල්ලා සිටින්‌නේ, වහාම පිරිස නිදහස් කරන ලෙසයි'
 
පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේදී එක් විරෝධතාවයක් ,නිරෝධායනය වෙමින් සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිස විසින් සංවිධානය කර තිබූ අතර මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස සංවිධානය කර තිබුණි.
 
එක් විරෝධතාවක් බේරුවල නගරයෙන් ආරම්භවූ අතර එහි සිට පානදුර දක්වා රථ පෙළපාලියකින් පැමිණි ගුරුවරු විරෝධයේ නිරතවූ අතර ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් මහනුවර ජෝර්ජ්.ඊ. ද සිල්වා උද්‍යානය අසලදී ද විරෝධතාවක් දියත් කර තිබුණි.
 
 
 union1
 
union3
 

union4

union2