හෝටල් සේවකයිනුත් උද්ඝෝෂණයක

හෝටල් සේවකයිනුත් උද්ඝෝෂණයක

කොරෝනා වසංගතයෙන් හෝටල් සේවකයන් දැවැන්ත අර්බූදයක රට පුරා හෝටල් සේවකයින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල අලූත්ගම නගරයේ අද (19 සඳුදා දින උදේ 10 ට) සේවක උද්ඝෝෂණයක් පැවැත්වෙන බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වනවිට අප රටේ හෝටල් සේවකයින් මුහුණපා ඇති දැවැන්ත අර්බූදකාරි තත්වය සඳහා විසඳුමක් ලබාදෙන මෙන් ආණ්ඩුවේ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති අතර, දිනෙන් දින හෝටල් සේවක ගැටළු වර්ධනය වීමේ වාතාවරණය හමුවේ සේවකයින් දැඩි නොසන්සුන්තාවයට පත්ව තිබෙන බවත්, තමන් මුහුණපා ඇති අර්බූදකාරි තත්වය පිළිබඳව විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලා සංචාරක හෝටල් සේවකයින් තවදුරටත් උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල නිරත වීමට තීරණය කර තිබෙන බවත්ය.