ඇමැති - ගුරු සංගම් සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය අඛණ්ඩව

ඇමැති - ගුරු සංගම් සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය අඛණ්ඩව

අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අද (20) උදෑසන පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් බැවින් දැනට ක්‍රියාත්මක මාර්ගගත ගුරු වර්ජනය ඉදිරියටත් කරගෙන යන අතර ‍අනිද්දා (22) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවයි.

ගුරුවරුන්ට දැනට පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීමේ යෝජනාවක් ලබන සඳුදා (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ඇමතිවරයා මෙහිදී පොරොන්දු වුවත් ස්ථිර විසදුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් නැතැයි ද ඔහු කීවේය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි, ලංකා ගුරු ‍ සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.