පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිවසක ළමා මෙහෙකාර සේවිකාවගේ මරණයේ සහ අපයෝජනයේ වරදකරුවන්ට දඬුවම් දෙනු

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිවසක ළමා මෙහෙකාර සේවිකාවගේ මරණයේ සහ අපයෝජනයේ වරදකරුවන්ට දඬුවම් දෙනු

රටෙහි නීති සෑදීමට භාරව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ නිවසක බාලවයස්කාර ගැහැණු ළමයෙකු ගෘහස්ථ සේවයේ යොදවා ගැනීමත්, එම දැරිය මාස 8ක් පුරා ලිංගික අපයෝජනයන්ට ලක් කර ඇති බවටත් දැක්වෙන වාර්තා මගින් ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය කම්කපනයට පත්වෙයි.

එමෙන්ම එම දැරිය පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර දින ගණනාවකට පසු මිය යාමද මෙම ඛේදවාචකය තවත් තීව්‍ර කරයි.

තවද එම දැරියගේ මරණය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස කªරට දෙමළ ජනයා විසින් කරනු ලබන ඉල්ලීමට ලක්බිමේ දියණියෝ සංවිධානය සිය සහයෝගය පළකරයි.

බාලවයස්කාර දැරියන්ට එරෙහිව මෙරට සිදුවන ලිංගික කෙලසීම් පිළිබඳ සිදුවීම් එන්න එන්නම වැඩි වැඩියෙන් වාර්තා වෙමින් තිබේ. වාර්තා වන මෙවැනි සිදුවීම් වලට වඩා බොහෝ ප‍්‍රමාණයක් දරුවන් ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙන බව පිළිගත් කාරණයකි.

අන්තර්ජාලය යොදා ගනිමින් 15 හැවිරිදි දැරියක ලිංගික ශ‍්‍රමිකයෙකු ලෙස අලෙවි කර සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයන් රාශියක් ඇයව ලිංගික කෙලෙසීමට ලක් කර ඇති බවට ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පසුගිය ජුනි මස 7 වන දිනය.

ඇය අපයෝජනයට ලක් කල පිරිස අතර බෞද්ධ භික්ෂූන්, නාවික හමුදාවේ සේවය කල වෛද්‍යවරයෙක්, ව්‍යාපාරිකයන්, මාලදිවයිනේ හිටපු ඇමතිවරයෙක් ඇතුලූ විවිධ ක්ෂේත‍්‍ර වල පුද්ගලයින් රැසකි. මෙම ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් 75ක් පමණ දැනට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නාවලපිටියේ 13 හැවිරිදි දැරියකට ලිංගික කෙලෙසීමක් සිදු කර ඇති බවට චෝදනා ලැබ ඇගේ පියා ඇතුලූ 5 දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වූයේ 2021 ජුලි මස 15 වන දීය.

හිටපු පාර්ලිමේන්තු ඇමතිවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ නිවසෙහි මෙහෙකාර සේවයේ යෙදුණ 15 හැවිරිදි දැරිය බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබුණේ 2021 ජූලි මස 03 දිනදීය. 2021 ජූලි 15 වන දින ඇය මියගිය අතර ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික කෙලසීමට ලක්වී ඇති බව තහවුරු වී තිබේ.

සමාජ මාධ්‍ය ඇතුලූ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් වන මෙම සිදුවීම් හැරුණ විට අප‍්‍රසිද්ධියේ සිදුවන මෙවැනි සිදුවීම් කොතෙක් දැයි සිතාගත නොහැකි වුවත්, එම ගණන මීට වඩා බොහෝ වැඩි බව අප යළි අවධාරණය කරමු.

මෙලෙස කෙලසීමට භාජනය වන්නේ අපගේම දියණියන් සහ සහෝදරියන් බව සමාජයක් වශයෙන් අප තේරුම් ගත යුතුව තිබේ.

පුරුෂ මූලික, පුරුෂාධිපත්‍යයික සමාජය විසින් ස්ත‍්‍රීන් ලිංගික භාණ්ඩයක් ලෙස සැලකීම ස්ත‍්‍රීන් ලිංගිකව කෙළෙසීම්හි පදනම වේ. දරුවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයද අප සමාජයේ බහුලය. දරුවන්ට පහරදීම සාධාරණ කරන බොහෝ දේශපාලන නායකයින්ද මෙරට සිටිති.

දරුවන්ට එරෙහි ලිංගික බලහත්කාරය මෙම සාධක දෙකෙහි එක්තැන්වීමක් බව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය විශ්වාස කරයි.

මෙලෙස ස්ත‍්‍රීන් සහ දැරියන් භාණ්ඩ යැයි සිතා වෙළඳාම් කිරීම, ලිංගික කෙලෙසීමට ලක් කිරීම සහ ඝාතනය කිරීම ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය තරයේ හෙළා දකියි. එමෙන්ම මෙම සිද්ධින් වලට අදාල තැරැව්කරුවන්, ඇතුලූ සියලූම පාර්ශවයන් කිසිදු භේදයකින් තොරව වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත්, වින්දිත පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කරන ලෙසත්, ස්ත‍්‍රීන් සහ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් බළධාරීන්ට බලකර සිටිමු.

ස්ත‍්‍රී මධ්‍යස්ථානය, කාන්තා සංවර්ධන පදනම, කාන්තා දේශපාලන පීඨය, මානව සංවර්ධන ආයතනය, ප‍්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය, සුනිල කාන්තා පදනම, ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය, නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය, ජනාවබෝධ කේන්ද්‍රය, ගැමි කාන්තා පෙරමුණ, විකල්පනී