ග්‍රාම නිලධාරීන්ට නව චක්‍රලේඛයක්

ග්‍රාම නිලධාරීන්ට නව චක්‍රලේඛයක්

ග්‍රාම  නිලධාරීන්ගේ සේවය ටහ්වත් පුළුල් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කෙරෙන කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය වාර්ථා කිරීම ග්‍රාම නිලධාරීවරන් විසින් සිදුකළ යුතු බව දන්වමිනුයි එම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ.   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. 

එම ප්‍රගතිය පිළිබඳ වාර්තා කිරීම වයස් කාණ්ඩ හතරක් යටතේ සිදුකළ යුතු අතර එළඹෙන 31 වැනිදාට පෙර එම තොරතුරු ලබා දිය යුතු බවයි එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.