“සුවැති මුවකට පුවක් නවතමු”

“සුවැති මුවකට පුවක් නවතමු”

ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය - 2021 ජුලි 27 - සපන පුවක්වල අනිසි ප්‍රතිඵල පිළිබඳ තොරතුරු පත්‍රිකාව

හැඳින්වීම

  • අනාදිමත් කාලයක සිට දකුණු, ගිනිකොනදිග ආසියාව සහ පැසිෆික් කලාපවල පුවක් භාවිතකර ඇත
  • ලෝකය පුරා පුවක් හෝ ඒ ආශ්‍රිත නිශ්පාදන භාවිතා කරන්නන් මිලියන 600ක් පමණ ජීවත් වෙයි
  • 2004දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුවක් පිළිකාකාරකයක් බවට ප්‍රකාශ කර ඇත
  • පුවක් හා ඒ ආශ්‍රිත නිශ්පාදනවල ඇබ්බැහිකාරක අඩංගුය
  • මේ නිෂ්පාදන දීර්ඝ කාලීනව භාවිතා කිරීමෙන් මුඛ පටක ආපසු හැරවිය නොහැකි පරිදි වෙනස්වීමකට භාජනය වේ. මෙය මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාව ලෙස හැඳින්වේ
  • ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු 20ක් ඇතුළත මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියා රෝගීන් 9 ගුණයකින් වැඩිවී ඇත

පුවක් භාවිතය නිසා ඇතිවන අහිතකර බලපෑම්

  • මුඛය විවෘත කිරීම සහ දිව චලනය කිරීම ක්‍රමක්‍රමයෙන් සීමා වීම
  • මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රෝසියාව, මුඛ පිළිකාවක් බවට පත් වීමේ වැඩි අවදානමක් ඇත
  • එවැනි අවස්ථාවලදී මුඛය විවෘත කිරීම සිමා සහිත බැවින් පිළිකා ප්‍රතිකාර කටයුතු සංකීර්ණ වේ

පුවක් සැපීම නිසා ඇතිවන මුඛ ශ්ලේෂ්මල ෆයිබ්රෝසියාවේ ලක්ෂණ

මුලීක අවධියේ ඇතිවන රෝග ලක්ෂණ    

  • මුඛය තුල පවත්නා දැවිල්ල තද බව
  • මිරිස් සහිත ආහාර ගැනීමට අපහසුවීම
  • මුඛ ශ්ලේෂ්මලයේ දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය
  • තොල්වල දක්නට ලැබෙන සුදුමැලි ස්වභාවය

පසු අවධියේ ඇතිවන රෝග ලක්ෂණ

  • කම්මුලේ සහ තොල්වල ඇතුලත ස්පර්ශ කිරීමේදී දැනෙන
  • මුඛය වීවෘත කිරීම සීමා වීම
  • දිවේ චලනයන් සීමා වීම
  • දිවේ ඇතිවන දිලිසෙන සිනිඳු ස්වභාවය

පුවක් සැපීම නිසා ඇතිවන මුඛ ශ්ලේෂ්මල ෆයිබ්‍රෝසියාවේ ප්‍රතිකාර

  • මුල් අවධිවලදී හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මඟින් රෝගය උත්සන්න වීම වලක්වාගත හැකිය
  • පසු අවධිවලදී මුඛ පටකවල වෙනස්වීම් යථා තත්වයට පත් කල නොහැකි නිසා ජීවිත කාලය පුරාම ආහාර අනුභවය, ගිලීම සහ කථනය වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සීමා වේ
  • එම අවස්ථාවලදී සිදුකළ හැක්කේ හැකිතාක් දුරට රෝග ලක්ෂණ යථා තත්වයට පත් කර ගැනීම පමණි (මුඛය විවෘත කිරීම වැඩිකරන ව්‍යායාම මඟින්)
  • රෝගයේ හැසිරීම නිරීක්ෂණය කිරීම පිණිස නිතිපතා පසු විපරම් සායනවලට සහභාගී වීම අත්‍යවශ්‍ය වේ