ජෝසප් ස්ටාලින් ගුරුවරයකු නොවේ නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වැටුප් ගෙව්වේ කොහොමද ?

ජෝසප් ස්ටාලින් ගුරුවරයකු නොවේ නම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වැටුප් ගෙව්වේ කොහොමද ?

ජෝසප් ස්ටාලින් සහෝදරයාට ඊනියා කොටි ලේබලය ඇලවිම මගින් ගුරු සටන අඩපණ කිරීමට දරන බාල උත්සාහය පිළිබඳ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව කියා සිටින අතර ඔහු ගුරුවරයකු නොවේ නම් මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වැටුප් ගෙවන ලද්දේ කෙසේ දැයි විමසන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් ප්‍රශ්ණ කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ පා සිටින වැටුප් හා වැටුප් විෂමතා ඇතුළු ප‍්‍රශ්න ගණනාවක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් මෙරට සමස්ථ ගුරුපරපුර දේශපාලන හා පක්ෂ භේදයකින් තොරව මේ වන විට මහ මඟ සටන ට බැස තිබේ. ගුරුවරු සහ විදුහල්පත්වරු තම ක්ෂේත‍්‍රගත ප‍්‍රශ්න සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගැනිමට උත්සාහ කළ ද සියළු පාර්ශව එකී දුක්ගැනවිලි නොසළකා කටයුතු කිරිම ගුරු සටන මහ පාරේ කරන අරගලයක් දක්වා වර්ධනය වීමට හේතු විණි.

පැවති සියළු ආණ්ඩු ගුරුවරුන් මෙසේ මහ මඟ ට බැසීමේ වගකීම බාර ගත යුතුය. වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට ඡුන්දය ලබාදුන් රාජය සේවකයින් අතර අති බහුතරය ගුරුවරු බව කවුරුත් දන්නා කරුණකි. තමන්ගේ ප‍්‍රථම විසරජන පනතින් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන බවට ආණ්ඩුව ප‍්‍රතිඥා ද දි තිබිණි. පසුව වූයේ ඒවා නොසලකා හැරීමයි.

රටක සංවර්ධනය, ඒ රටෙහි අධ්‍යාපනය ක්ෂේත‍්‍රයට තබන බර සමඟ තීරණය වේ. එහිදි ගුරුවරයාගේ දායකත්වය තිරණාත්මක සාධකයකි. මෙරට ළමා පරපුර රටේ අනාගතය වන අතර සමස්ථ දරු පරපුරෙහි ණැනස පාදන්නෝ ගුරුවරුහු ය. ඒ අනුව ගුරුවරයා ඉහළ මානසික තෘප්තියකින් තැබීමෙන් ඔහුගේ/ඇයගේ සේවාව වඩා පලදායී ලෙස ලබා ගත හැකිය. රටේ අනෙකුත් ප‍්‍රශ්න කෙරෙහි දක්වන අවධානය, උනන්දුව ගුරු ක්ෂේත‍්‍රය තුළ හටගෙන ඇති දුක්ගැනවිලි කෙරෙහි ද දක්වා ඒවා විසඳිම වගකිව යුතු ආණ්ඩුවක පිළිවෙත විය යුතුය.

එබැවින්, වැටුප් විෂමතා ඉවත් කර ගුරු සේවාව සංවෘත සේවාවක් කරන මෙන් ඉල්ලා ගුරු-විදුහල්පතිවරු ගෙන යන සටන සාධරණ සහ යුක්ති සහගත යැයි කියා සිටින ජාතික වෘත්තීය සමිති පෙරමුණ කොන්දේසි විරහිතව ඔවුන්ගේ සටන ට සහාය පල කරන බැව් දන්වා සිටිමු.

එසේම, ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා සම්බන්ධයෙන් අමාතය ගාමිණි ලොකුගේ සහ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මධුර විතානගේ මහත්වරුන් පසුගිය දා සිදු කළ මුග්ධ ප‍්‍රකාශයන් ජාතික වෘත්තීය සමිති පෙරමුණ දැඩි පිළිකුලෙන් හෙළා දකිමු. කම්කරු සටන් සම්බන්ධව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ පැටිකිරිය මෙරට ජනතාව හොඳින් දන්නා බව සහිපත් කරන ජාතික වෘත්තිය සමිති පෙරමුණ නවක මන්ත‍්‍රි මධුර විතානගේ මහතාට කම්කරු සටන් හා ඉතිහාසය වැඩි දුටත් අධ්‍යනය කිරීම වඩා සුදුසු බව යෝජනා කරමු.

ජෝසප් ස්ටාලින් සහෝදරයාට ඊනියා කොටි ලේබලය ඇලවිම මගින් ගුරු සටන අඩපණ කිරීමට දරන බාල උත්සාහය පිළිබඳ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බව අපි කියා සිටින අතර ඔහු ගුරුවරයකු නොවේ නම් මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වැටුප් ගෙවන ලද්දේ කෙසේ දැයි විමසමු. ජෝසප් ස්ටාලින් සහෝදරයා ගුරුවරයකු නොවන්නේ නම් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හෙද නිලධාරියකු දැයි අපි තව දුරටත් විමසමු.

එබැවින් සටන මෙහෙයවන නායකයින් වෙත අභූත වෝදනා එල්ල කරමින් ගුරු සටන මර්ධනය කිරීමට දරන නිර්ලජ්ජිත කි‍්‍රයාව නවතා ගුරු-විදුහල්පතිවරුන්ගේ සාධාරණ සහ යුක්ති සහගත ඉල්ලිම විසඳීමට වහා පියවර ගන්නා ලෙස අපි ඊනියා දේශපේ‍්‍රමී ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.