ආයුර්වේද වෛද්‍යවරුනුත් සටනට

ආයුර්වේද වෛද්‍යවරුනුත් සටනට

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වෛද්‍ය නිළධාරීන් වැටුපට හා ජීවන වියදම් දීමනාවට පමණක් හිමිකම් කියන මුත් අමතර රාජකාරී, අතිරේක රාජකාරී හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ලෙසින් මුහුණ පා සිටින සුවිශේෂී තත්වයන්ට අදාල වුණු දීමනා කිසිවක් නොලබන අතර එය ලබාගැනීම සඳහා අරගලයක් දියත් කිරීමට සැරසේන බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරී සංගමය නිකුත් කළ නිවේදනයක් දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයින පුරා මාණ්ඩලික නිළධාරීන් පිරිසක් ලෙස මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාළන ආයතන වල දීප ව්‍යාප්ත සේවාවක් ලෙස සමරූපී සේවයක් රට පුරා ක්‍රියාත්මක කරමින් රජයේ ආයුර්වේද වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍යවරුන්ගේ භූමිකාව තහවුරු වී ඇත,

එනමුත් වැටුපට හා ජීවන වියදම් දීමනාවට පමණක් හිමිකම් කියන මුත් අමතර රාජකාරී, අතිරේක රාජකාරී හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ලෙසින් මුහුණ පා සිටින සුවිශේෂී තත්වයන්ට අදාල වුණු දීමනා කිසිවක් නොලබන අප හට ජීවත්වීම බරපතල අභියෝගයක් බවට පත්ව තිබෙන මේ දුෂ්කර වූ මොහොතේ ද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය තුල වගකීම් විරහිත ප්‍රකාශ කරමින් ආයුර්වේද සෞඛ්‍ය සේවයට හා ආයුර්වේද වෛද්‍ය සේවයට අවමන් සහගත සැළකිල්ලට භාජනය කරමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

කෝවිඩ්- 19 වසංගත තත්ත්වය තුල සුවිශාල මෙහෙයක් ඉටු කරනු ලබන වෛද්‍ය නිළධාරීන් සඳහා අමාත්‍යංශය වගකීම් ඉටු නොකරනු ලබන බව අපහට වැටහී ඇති බැවින් දීමනා සටන ජයග්‍රහනය කිරීමට සමස්ත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහයෝගයෙන් ශක්තිමත් අරගලයක් දියත් කිරීමට අප කටයුතු සූදානම් කරමින් සිටිතියි එම නිවේනයේ වැඩිදුරටත් සඳහන් කරයි.