කොතලාවල පතට එරෙහිව සරසවි ඇදුරන් පාරට බැස්ස හැටි

කොතලාවල පතට එරෙහිව සරසවි ඇදුරන් පාරට බැස්ස හැටි
කොතලාවල පනත හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා විශ්වවිද්‍යාල වල ආචාර්ය මණ්ඩලය අද (28) එකී විශ්වවිද්‍යාල ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
ඒ් අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩල නියෝජිතයින් අද ස්වකීය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පා ගමන කොලේජ් හවුස් දක්වා පැමිණ කොලේජ් හවුස් ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දක්වනු දක්නට ලැබිණි.
 
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය දින ගණනාවක සිට ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස, කොතලාවල පනත හකුළා ගන්නා ලෙස ආදී ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයට සමගාමීව 
අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
 
කොතලාවල පනත මගින් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සිදුවන බව එම සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සදහන් කළේය.
 
මේ අතර එම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධන සහිතව හෝ ගෙන ඒම වළක්වාලිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
 
 futa 2
 

futa 1

 

futa 4 1