මීට අදාළ චක්‍රලේඛය අද (30 වැනිදා) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කී ලේකම්වරයා පළාත් අතර සංචරණ සීමා පැවතිය ද සෑම නිලධාරියෙකුම අනිවාර්‌යෙන්ම එදින සිට සේවයට වාර්තා කළ යුතු බවත් ඒ සඳහා ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවත් රත්නසිරි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය ලෙස ආරම්භ කිරීමට හැකිවන්නේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදු වූ බැවින් බවත් ඒ මහතා සඳහන් කළේය.
