ගුරුවරුන්ට අදාළ නොවෙන රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

ගුරුවරුන්ට අදාළ නොවෙන රාජ්‍ය සේවකයින්ට නව චක්‍රලේඛයක් නිකුත් වෙයි
රාජ්‍ය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙන අතර එය ගුරුවරුන්ට බලනොපාන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව එළැඹෙන සඳුදා දින සිට රජයේ ආයතන මුළු මනින්ම විවෘත වුවත් තවදුරටත් පාසල් වසා තැබෙනු ඇති.
 
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගුරුවරු සේවයට කැඳවීමට නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පාසල් විවෘත කර සියලුම ගුරුවරුන් සේවයට කැඳවීම සිදුකළ යුතු බවයි.
 

කෙසේ වෙතත් එවැනි තීරණයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ දක්වා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත්කර නොමැති බවයි සඳහන් වෙන්නේ.