‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබීමක් නොවෙයි‘

‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබීමක් නොවෙයි‘

‘‘රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා‘‘ යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වුවද සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.

‘‘ගත වු මාස එකහාමාරක පමණ කාලයකට පසුව වැඩිම දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙස (30) දිනයේ දී වුණා.

ඒ වැඩිවීම අපි අනිවාර්යෙන්ම බැරෑරුම් තත්ත්වයක් ලෙස අපි සලකනවා. මොකද සීමාව ඉක්මවා ගියොත් අර්බුදකාරී තත්ත්වයකට ලංකාව විතරක් නෙමෙයි ඕනෑම රටක් මුහුණ දෙන්න වෙනවා. රට ඉදිරියට ගෙන යෑමට නම් මම හිතනවා කොවිඩ් එක්කම රටේ සාමාජීය, ආර්ථික කාරණා ඉදිරියට ගෙන යෑම අත්‍යාවශ්‍ය වෙනවා. ඉතින් අවශ්‍ය කරන සෞඛ්‍ය පුරුදු පිළිපඳිමින් මම හිතනවා මේක ඉදිරියට ගෙන යෑමට පුළුවන් වුණොත් බරපතළ තත්ත්වයකින් තොරව මේක කළමනාකරණය කරගන්න පුළුවන්.

නමුත් අපි එහෙම හිතන්නේ නැතුව රට විවෘත කරනවා කියන්නේ සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම් අපිට මේක කළමනාකරණය කරගන්න අපහසුවෙන්න ඉඩ තියෙනවා.