සෞඛ්‍ය අමාත්‍යාංශය රට විරුවන්ගේ පරීක්ෂණ ටික පෞද්ගලික රසායනාගාරයකට යවා කොමිස් ලබා ගැනීමට දත්ත නියවයි
මැදපෙරදිග රටවල් සදහා ශ්‍රමිකයන් යැවීමේදී සාමාන්‍ය PCR පරීක්ෂණයට අමතරව රැපිඩ් PCR පරීක්ෂණයක් අවශ්‍ය බව කියමින්, කොමිස් සදහා තමන්ට හිතෛෂී පෞද්ගලික රසායනාගාරයකට යොමු කිරීමට තීරණය කර ඇත. මෑතකදී වැරදි වාරථා ලබා දෙන බැවින් චීනය විසින් තහනම් කල මෙම රසායනාගාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවතින විශේශ ඇලම හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය රටතුලට කාන්දුවීම පවා සොයා ගත නොහැකිවිය.
Rapid PCR යණු කෙට්කාලින ක්‍රමවේදයක් (Short Protocol) යටතේ සිදු කරන PCR වන ඇතර, ස්ථානීය PCR ලෙස අප වසරක් තිස්සේ ඉල්ලමින් සිටින්නේ ද ක්රමවේදයයි. මේ වන විටත් රජයේ රසායනාගාර 16ක පමණ Rapid PCR පරීක්ෂණ සිදු කරමින් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය ගේ චන්ද දායකයින් සිටින ඇඹිලිපිටිය එම ක්‍රමය ක්‍රියත්මක වන නමුත්, එම යන්ත්‍ර සියල්ල ලබාගෙන ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් ය.
ඊට අමතරව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනූව මෙම යන්ත්‍ර 30ක් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන අනුමත වූ අතර, යන්ත්‍ර 14ක් සදහා ජුනි මාසයේ අවසන් කල ටෙන්ඩරයට මාස දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය අවහිර කර ඇත. තමන්ට හිතෛෂී සමාගම සදහා අවස්ථාව සැලසීම සදහා උපක්රමිකව මෙම ප්‍රමාදය සිදු වන අතර රජයේ රෝහල් වල Rapid PCR නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඒ අතර වාරයේය.
තමන්ට කොමිස් ලැබෙන පෞද්ගලික රෝහලකට රටවිරුවන් යොමුකරමින් ඔවුන්ව ගසා කෑමකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ඇති රසායනාගාරයේ එම පරීක්ෂණ සිදු කිරීමට උපරිම හැකියාවක් තිබිය දී ය. පෞද්ගලික රසායනාගාර පොහොසත් කර කොමිස් ලබා ගැනීම සදහා එක් පසෙකිනුත්, වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් මිලදී ගත හැකි Rapid PCR ගජමිතුරන්ගේ වාසිය සඳහා මාස ගනන් ටෙන්ඩර මණ්ඩල සදහා තීරණ ලබා නොදෙමින් තවත් පසෙකිනුත් කටයුතු කරමින් සිටින ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන්, තවදුරටත් කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය ඉතා බැරෑරුන් ගැටලුවකට ලක් වී ඇත.
- රට විරුවන්ගේ පරීක්ෂණ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රසායනාගාර තුළ නොමිලේ සිදු කිරීමට තීරණය කරණු
- අවම වශයෙන් වියදම පමණක් ලබා ගනිමින් ඔවුන්ට ඒ කාර්යය සිදු කර දෙනවා වෙනුවට, පෞද්ගලික රෝහල් රසායනාගාර වලට මුදල් කන්දරාවක් වැය කිරීමට වහා නවතනු!
- එසේම වෙන්කර ඇති ප්‍රතිපාදන වලින් Rapid OCR යන්ත්‍ර ලබා නොදෙමින් රට තුළ මරණ අනුපාත ඉහළ දමමින් හා රැකියා ලාභීන්ට තිබෙන අවස්ථා ලබා නොදෙමින් තම තමන්ගේ පෞද්ගලික හිතෛෂීන්ගේ කොම්පැනි වලට ලබාදීම සඳහා ප්‍රතිපත්ති තීරණ අයථා හා අනීතිකව භාවිත කිරීමේ ක්‍රමය වහා නිවැරදි කරණු!
රවී කුමුදේශ්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය