ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීම උදෙසා ප්‍රොටෙක්ට් සංගමය පෙරට එයි

ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීම උදෙසා ප්‍රොටෙක්ට් සංගමය පෙරට එයි

ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීතිගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී  හඬක් නගන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්  මේ දින වල ප්‍රොටෙක්ට් සංගමය විසින් සිදු කරමින් පවතී.

එහිදී ගෘහ සේවක අයිතිවාසිකම් නීතිගත කර ගැනීමේ අවශ්‍යතාවය සහ c 189 සම්මුතිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමද මෙහි අරමුණකි. පසුගියදා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගෘහස්ථ කම්කරුවන් සඳහා වන නීති සකස් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කරන බවට පොරොන්දු විය.

එසේම හැකි ඉක්මණින් ගෘහස්ථ කම්කරුවන් හට ETF EPF ඇතුළු පනත් කිහිපයක ආවරණය සලසන බව ප්‍රකාශ කළේය. මේ  අනුව ප්‍රොටෙක්ට් සංගමයේ උප සභාපති ඇතුළු හැටන් ශාඛාවේ සහෝදරියන් අද බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතා මුණගැසුණා.

එහිදී ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීති ගත කිරීමේ වැදගත්කම ඔහුට පැහැදිළි කර C189 ප්‍රඥප්තියද පිළිගැන්වූවා.  පාර්ලිමේන්තුවේ දී  තම උපරිම සහයෝගය මේ සඳහා  ලබා දෙන ඔහු පැවසීය.  

protect

protect11