කොවිඩ්- 19න් සිදුවන රෝගීවීම් සහ මරණ වලක්වා ගැනීම සඳහා ආණ්ඩුව අපොහොසත් වීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය දන්වා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
රෝගී සත්කාර සේවාවේ නිරතවන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්වන අප දිනපතා රෝගින් විශාල වශයෙන් මියයන සහ පීඩාවට පත්වන ආකාරය අත්විඳිමින් සිටිමු. සෞඛ්‍ය සේවයේ නිරතවන්නන් සහ ඔවුන්ගේ සමීපතයින් රැසක්ද මේවන විට මරණයට පත්ව ඇත.
වසංගතයට සාර්ථකව මුහුණදුන් චීනය, නවසිලන්තය, භූතානය, තායිවානය, සිංගප්පූරුව, වියට්නාමය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් අනුගමනය කල සබුද්ධික විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන මෙන් ආණ්ඩුව ඇතුලු ප්‍රධාන තීරකයින්ට අප විසින් පුන පුනා අවධාරණය කලද අද දක්වා මෙම සියළු පාර්ශවයන්ගෙන් ප්‍රදර්ශණය වූයේ අත්තනෝමතික ප්‍රතිචාරයකිග වසංගතයේ මුල් අවධියේ පමණක් යම් ප්‍රමාදයකින් පසුව හෝ එවකට සිටි සෞඛ්‍ය බලධාරින්ගේ නායකත්වය යටතේ 2020 අප්‍රේල් අග සිට 2020 සැප්තැම්බර් අග දක්වා සමාජ ව්‍යාප්තිය ශුන්‍ය මට්ටමේ තබාගැනීමට සමත්විය. ඉන්පසු ආණ්ඩුව විසින් කොවිඩ් වැලැක්වීම අතහැර දැමීමේ ප්‍රථිපලයක් ලෙස විවිධ ප්‍රභේද රටතුලට ඇතුල් වූ අතර ඉන්පසු අද දක්වා පවතින මට්ටමට උග්‍ර විය. වසංගත පාලන මූලධර්මවලට අනුව යමින් වසංගතයේ අවධිය නිවැරදිව විනිශ්චයකර ඒ ඒ මට්ටමේදී ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් සහ විධිමත්ව ගත් චිනයේ තත්ත්වය සමග ශ්‍රී ලංකාව සැසඳීමේදී රටක් ලෙස අප කොතරම් අසාර්ථක ලෙස ප්‍රතිචාර දක්වා ඇතිදැයි අවබෝධ කරගත හැක (ඇමුනුම 01 බලන්න). ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවල් අනුගමනය කරන අවිද්‍යාත්මක ප්‍රතිචාරය හේතුවෙන් වෛරසය දිගු කලක් ලෝකය පුරා පැවතීමත් ඒ හේතුවෙන් නව ප්‍රබේද ඇතිවීමත් විසින් හොදින් පාලනය කල රටවලටද තර්ජන එල්ල වී ඇත.
විද්‍යාත්ම ක්‍රමවේදයකට අනුව වසංගතය පාලනය කලහොත් රෝගීවීම සහ මරණයට පත්වීම වලක්වාගත හැකිවනවා පමණක් නොව එය ආර්ථික වර්ධනයටද හේතුවන බව මේ වනවිට ඔප්පු වී හමාරය. පාසැල්ල විශ්ව විද්‍යාලල වැඩබිම් ඇතුළු සමාජ-ආර්ථක කටයුතු සමාන්‍ය පරිදි කරගෙන යාමට වසංගතය පාලනය කල රටවල් සමත්වි ඇත. එබැවින් සාර්ථක රටවල් අතරට අප රටද එක් කිරීම සඳහා පහත ක්‍රියාමාර්ගවලට කඩිනමින් එලඹෙන ලෙස අවධාරණය කරමු.
මෙම ක්‍රියාමාර්ගවලට ආණ්ඩුව අවංකව එළඹුනහොත් අපගේ උපරිම සහයෝගය ලබාදීමට කටයුතුකරන අතර ඊට ආණ්ඩුව අපොහොසත් වුවහොත් ජනතාවගේත් අපගේත් ජිවිත ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළු වෘතීය සමිති, වෘතික සංගම්ල සෙසු වෘතීය සමිති ඇතුළු බහුජන සංවිධාන ඒකරාශිකරගත් දැවැන්ත විරෝධතාවයන්ට හා වෘතිය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවට අවධාරණය කරමු.
