2021 අගෝස්තු 20 රාත‍්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන දින අළුයම 4.00 දක්වා නිරෝධායන ඇදිරිනීතිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් ඇඟළුම් හා අපනයන කර්මාන්තයට සහ ඉදිකිරීම් කර්මාන්තය ද අත්‍යාවශ්‍ය සේවා ලෙස සළකා ඔවුන් සේවයේ යෙදවීමට හාම්පුතුන්ට අවසර ලබා දීම, කෝවිඩි-19 වසංගතයේ අතිශය අවදානම් සහගත වත්මන් පැතිරීම හමුවේ ඔවුන්ගේ ජීවිත නොසළකා හැරීමක් යැයි ද, මෙම තීන්දුව සමග එකඟ වන්නට පෞද්ගලික අංශයේ සහ ඇඟළුම් කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙස අපට නොහැකි බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් යෝජනා මාළාවක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, පසුගිය මාසයකට වැඩි කාලයක සිට කෝවිඞ්-19 වසංගතය රට පුරා ඉතා බරපතල ලෙස පැතිර යන බව සංඛ්‍යා ලේඛන වලට වඩා සාමාන්‍ය ජන ජීවිතයට දැනෙන්නට පටන් ගෙන ඇත. වැඩිවන ආසාධන හා මරණ සංඛ්‍යාව විශේෂයෙන් සෞඛ්‍ය සේවාවන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයකට වර්ධනය වී ඇත. එනිසා ඔවුන්ට රෝහල් සේවා තවදුරටත් පවත්වාගත නොහැකි තත්ත්වයක් ඇති වන්නේ යැයි අනතුරු ඇඟවීම්ද කෙරෙන්නේය.
ඒ පසුබිමෙහි සෞඛ්‍ය විශේෂඥයින් මෙන්ම විවිධ ජන කොටස් සහ ආගමික නායකයින් සති කිහිපයක ඇඳිරි නීතිය සමග රට මුළුමනින් වසා තබන මෙන් ඔබගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන්නට පසුගිය සතියක පමණ කාලයේ පෙළඹුනහ. එයට සැළකීමක් වශයෙන් (අගෝස්තු 20) දින රාත‍්‍රී 10.00 සිට ලබන අගෝස්තු 30 වන දින අළුයම 04.00 දක්වා දින 10 ක් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇතැයි නිල නිවේදනයක් කෙරින.
මෙම නිරෝධායන ඇදිරි නීතිය පැනවීම සම්බන්‍ධයෙන් කෝවිඩ් -19 පාලනය කිරීමේ කාර්යසාධන බලකායේ සභාපති, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැහැදිළි කිරීමට වඩා පෞද්ගලික අංශය සඳහා වන කොන්දේසි පැහැදිළි ලෙස ජාතික රූපවාහිනියේ ඊයේ රාතී‍්‍ර ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයේදී ඉදිරිපත් කෙරුණ අතර, එහි සඳහන් වූ කොන්දේසි පදනම්ව මෙය ඔබ වෙත යොමු කරමු.
ජාතික රූපවාහිනියට අනුව කෘෂිකර්ම, ඇඟළුම් ඇතුළු අපනයන කර්මාන්ත සහ ඉදිකිරීම් කර්මාන්තයත්, ඖෂධ අලෙවියත් නොකඩවා පවත්වා ගෙන යා යුතුය. මෙය සේවක සේවිකාවන් වශයෙන් මෙරට පුරවැසියන් ලක්ෂ ගණනාවකගේ ජීවිත සම්බන්ධව ගනු ලැබූ තීන්දුවකි.
ආරක්ෂක අංශ, සෞඛ්‍ය, ගිණි නිවීමේ සේවා, ඖෂධ අලෙවිය වැනි තෝරාගත් විශේෂ අංශ ලොව පුරා අත්‍යාවශ්‍ය සේවා ලෙස සැළකෙන හෙයින්, ඒවා ඕනෑම හදිසි තත්ත්වයක් තුල පවත්වා ගෙන යාමේ වගකීම ආණ්ඩුවකට පැවරෙන්නකි. ඒ හැර අනෙක් සියළු රජයේ හා පෞද්ගලික අංශයන්හි සේවක සේවිකාවන් හදිසි අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමේදී ඔවුන්ගේ සේවාවන්වලින් මුදවා තැබීමට ආණ්ඩුවකට තීන්දු කළ හැකිය. එවගේම දෛනික ජන ජීවිතයට සීමා තහංචි පැනවීම ප‍්‍රායෝගික ගැටළු සළකා, ඒ අනුව පැනවිය හැකි බවද අපි පිළිගනිමු.
කෝවිඩි-19 වසංගතයේ අතිශය අවදානම් සහගත වත්මන් පැතිරීම හමුවේ නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට සමාජයේ විවිධ පාර්ශවයන් ඉල්ලීම් කරනු ලැබුවේ ඒ වෙනුවෙනි.
එසේ වූවත් ඇඟළුම් හා අපනයන කර්මාන්තයට සහ ඉදිකිරීම් කර්මාන්තය ද අත්‍යාවශ්‍ය සේවා ලෙස සළකා ඔවුන් සේවයේ යෙදවීමට හාම්පුතුන්ට අවසර ලබා දීම, කෝවිඩි-19 වසංගතයේ අතිශය අවදානම් සහගත වත්මන් පැතිරීම හමුවේ ඔවුන්ගේ ජීවිත නොසළකා හැරීමක් යැයි අපි කියමු. එබැවින් මෙම තීන්දුව සමග එකඟ වන්නට පෞද්ගලික අංශයේ සහ ඇඟළුම් කර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙස අපට නොහැක.
නිදහස් වෙළඳ කලාපවල සහ ඇඟළුම් ක්‍ෂෙත‍්‍රයේ සියළු සේවක සේවිකාවන් කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තවීම නිසා මුහුණ දෙන ඉතා ඛේදජනක තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධක්‍ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාව දැනුවත් කරමින් මීට දින 04 ට පෙර 2021 අගෝස්තු මස 17 වන දිනයේ අපි ඔහු වෙත ලිඛිත විස්තරයක් යොමු කළෙමු. එම ලිපියේ ඡායාගත පිටපතක් ඔබගේ දැන ගැනීම සඳහා මේ සමග එවන්නෙමු.
අපගේ ආර්ථිකයට ඉතා වැදගත් දායකත්වයක් කරනු ලබන ඇඟළුම් හා අපනයන නිෂ්පාදන කර්මාන්තයන්හි සේවක සේවිකාවන් කෝවිඩ් -19 වසංගතය ආසාධනය වීමෙන් ආරක්ෂාකර ගැනීම අනෙක් සියළු පුරවැසියන් ආරක්ෂාකර ගැනීම හා සමානව සිදුවිය යුත්තක් යැයි අපි මෙහි අවධාරණය කරමු. එම කර්මාන්ත ශාලා මේ කාලයේ සති කිහිපයක් වසා තැබීමෙන් කෝවිඞ්-19 වසංගතය පැතිරීමට ඇති අවකාශය හා ගණන් හැදීමේදී රටේ ආර්ථිකයට එතරම් හානියක් හෝ අවාසියක් සිදු නොවන බව අපගේ මැනීමය. එවගේම, හාම්පුතුන්ට ද මැසිවිලි නැගීමට තරම් පාඩුවක් සිදුවන්නේ නැත. ඔවුන්ට සිදුවන්නේ ඔවුන්ගේ අපේක්ෂිත ලාභය සොච්චමකින් අඩුවීම පමණි.
එනිසා අප ඔබගෙන් හදිසි අවශ්‍යතාවක් ලෙස ඉල්ලා සිටින්නේ,
ඒ සමග අවසන් වශයෙන් කිව යුත්තේ, මීට පෙරද කිහිපවර මෙවැනි අගුළු දැමීම් වලට අනුගත වූ පිරිස් ලෙස අපගේ අත්දැකීමට අනුව, මෙය වසංගත පාලනයේ එක් ප‍්‍රාථමික පියවරක් පමණක් බවය. එනිසා පූර්ණ වසංගත පාලනයක් සඳහා මේ සමග,
මෙම කරුණු වෙත ඔබගේ අවධානය නොපමාව යොමු කෙරෙනු ඇතැයිද ඒවා කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයිද අප සංගමය විශ්වාස කරමු.
