ආනන්ද පාලිත අත්අඩංගුවට

ආනන්ද පාලිත අත්අඩංගුවට

රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (21) පස්වරුවේ සිය බාරයට ගත්තේය.

වැලිසර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ආනන්ද පාලිත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.

ශ්‍රී ලංකාව සතුව තවත් දින 11 කට පමණක් ඉන්ධන තොග ප්‍රමාණවත් බවත් ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවත් ආනන්ද පාලිත මහතා එම මාධ්‍ය හමුවේ පැවසූ අතර ඊට පසු දින ජනතාව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දැඩි පෝලිම්වල දැකිය හැකි විය.
(ලංකාදීප)