ඇඳිරිනීති කාලය තුළ රැකියාවට යන අයට රජයෙන් නිවේදනයක්!

ඇඳිරිනීති කාලය තුළ රැකියාවට යන අයට රජයෙන් නිවේදනයක්!

ඊයේ  (20) රාත්‍රියේ 10 සිට 30 වනදා අලුයම 4තෙක් මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබූ අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සඳහා මෙන්ම ඖෂධහල් පවත්වාගෙන යෑමට අවසර ලැබෙන බවයි  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

හමුදාපතිවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේ රැකියා සඳහා යන අය විශේෂ අවසර පත්‍රයක් ලබාගැනීම අවශ්‍ය නොවන බවය.

“ඒ සඳහා මාර්ග බාධකවල කටයුතු කරන ශ්‍රී ලංකා පොලීසිය සහ හමුදාවේ නිලධාරීවරුන්ට ඔබගේ අනන්‍යතාවය පෙන්වීමෙන් ඔබට අවසර ලබාගැනීමට හැකියාව ලැබෙනවා”, යනුවෙන්ද ඔහු පැවසීය.