පළාත් පාසල් ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංශෝධනය කිරීමට පොරොන්දු වූ වයස 35 සීමාව ඉක්මවූ සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට අවස්ථාව සැලසෙන පරිදි වයස් සීමාව සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් හා පාසල් තුළ පුරප්පාඩු පවතින විෂයන් ගැසට් නොකර තිබුණු බැවින් ඒවා නැවත සංශෝධනය කිරීමට එකඟ වූවත් සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කර විසඳුමක් ලබාගැනිම සඳහා උතුරු මැද ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යවමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීමක් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 2021. 07. 22 දින ඔබතුමා සමඟ සිදුකළ සාකච්ඡාවේදී උතුරුමැද පළාත් ගුරු තරඟ විභාගයට අදාල ගැසට් පත්‍රයේ අප විසින් පෙන්වාදුන් අඩුපාඩු සළකා බලා සිදුකළ සංශෝධන සම්බන්ධයෙන් ස්තූතිය පුදකරමු.
නමුත්, ඔබතුමා විසින් සංශෝධනය කිරීමට පොරොන්දු වූ වයස 35 සීමාව ඉක්මවූ සියලූ රැකියා විරහිත උපාධිධාරීන්ට අවස්ථාව සැලසෙන පරිදි වයස් සීමාව සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් හා පාසල් තුළ පුරප්පාඩු පවතින විෂයන් ගැසට් නොකර තිබුණු බැවින් ඒවා නැවත සංශෝධනය කිරීමට එකඟ වූවත් සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව පළකරමු.
එමෙන්ම මෙම ගැටලූ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සංශෝධනයන් සිදුකිරීම සඳහා උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වුවද එවැනි කිසිදු සාකච්ඡාවක් ලබානොදීම සම්බන්ධයෙන්ද අපගේ කණගාටුව පළකරමු.
ආණ්ඩුකාරතුමනි, වර්තමාන කෝවිඩ් වසංගත තත්වය මත රටේ බොහෝ කාර්යයන් සිදුකර ගැනීමට අපහසු වී ඇති වටපිටාවක් තුළ අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි රැකියා විරහිත උපාධිධාරීන්ට ගැටලූ ගණනාවක් මතුවී ඇත. මෙම ගැටලූවද ඇතුළත්ව පහත සඳහන් අපගේ ඉල්ලීම්වලට ඔබතුමාගේ අවධානය යොමුකොට රැකියා විරහිත උපාධිධාරීන්ට සාධාරණය ඉටුකරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වගකිවයුතු උපාධිධාරී සංගමයක් ලෙස උපාධිධාරීන්ගේ ගැටලූ ආණ්ඩුකාරතුමා වෙත යොමුකර විසඳුමක් ලබාගැනීමට අප සංගමය බලාපොරොත්තු වේ. මේ ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඔබතුමා ගියවර සාකච්ඡාවේදී අපහට පොරොන්දු වූ පරිදි උතුරුමැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ මාර්ගගත ක්‍රමයට හෝ සාකච්ඡාවක් ලබාදීමට කටයුතු සලසන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
