ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් මේ හැමදේම වතුරේ !

ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් මේ හැමදේම වතුරේ !

‘‘රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් රට වැහුවා කියලා මේ වසංගතය නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” මෙහෙම කියන්නේ රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය.

ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්නා ලෙසයි.

අද මාධ්‍ය හමුවේ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින් ඇය මෙසේ ද පැවසුවාය, ‘”ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලුම ජනතාව තම තමා ආරක්ෂා වෙනවානම් මම හිතන්නේ මේකේ පැතිරීම තවදුරටත් අපිට පාලනය කර ගන්න පුළුවන්. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම් ළඟම තිබෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න මේක මේ වර්ගය හොය හොය ඉන්න එපා. ලංකාවේ තිබේ සියලුම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයට ආරක්ෂාව දෙනවා. ඒ බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා ළඟම තියෙන සායනයට ගිහින් එන්නත ලබාගන්න. රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහ ගත්තේ නැත්නම් අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්නම් මීටරයේ දුර තිය ගත්තේ නැත්නම් අනවශ්‍ය විදියට සෙනග ඉන්න තැන්වලට යනවා එනවා නම් ඒ නිසා රට වැහුවා කියලා මේ දේවල් නවත්වන්න බැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඒ නිසා මම කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්න‘‘