Covid-19 වසංගත තත්වයෙන් මුළු මහත් රටේ ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් දැඩි මානසික පීඩනයකින් රාජකාරි කරන අවස්ථාවකදී රජයේ තීරණ හා ප්‍රතිපත්ති විවේචනය කිරීම දඩුවම් ලැබිය වරදක් බව ආයතන සංග්‍රහයේ යම් යම් විධි විධාන පවතින මුත් එය දණ්ඩන මුගුරක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව අවභාවිතා කිරීමට ඉඩ දීමට සූදානම් නොමැති බව දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය කියා සිටී.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, CSS/03/01 පොදු - Covid-19/2020 අංක සහිත 2021.08.31 දිනැතිව දකුණු පළාත් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති හා තීරණ ආයතන සංග්‍රහයට පටහැනිව විවේචනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට අවධාරණය කරමින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අප සංගමයේ විරෝධය හා අප්‍රසාදය මූලිකව පල කර සිටිමු.
Covid-19 වසංගත තත්වයෙන් මුළු මහත් රටේ ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ඇතුළු ලොකු කුඩා පිරිස් දැඩි මානසික පීඩනයකින් පසුවන අවදියක මේ ආකාරයේ නීති පෙන්වා තර්ජනය කිරීම ප්‍රජාන්ත‍්‍රවාදී මූලධර්ම සහිත රටකට සුදුසු නොවන බවත්, ආයතන සංග්‍රහයේ යම් යම් විධි විධාන පවතින මුත් එය දණ්ඩන මුගුරක් ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව අවභාවිතා කිරීමට ඉඩ දීමට සූදානම් නැති බවද වැඩි දුරටත් දන්වා සිටිමු.
