සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෘත්තීය අරගලයකට සුදානමින්

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෘත්තීය අරගලයකට සුදානමින්

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂාව සුරක්ෂිත නොකිරීම හා ගැටලූ සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් 2021.09.22 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ සහයෝගය ලබා දෙන බවත් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් හි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් සිදුවන යම් රෝගී සත්කාර සේවාවන් හි යම් බ්ද වැටීමක් ඇති වුවහොත් එහි වගකීම අදාල බලධාරීන් විසින් බාරගත යුතු බවත් දන්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රටතුළ පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ වසර 1 1/2 ආසන්න කාලයක් රෝගී සත්කාරක සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් කොවිඩ් වසංගතය මැඩලීම හා ව්‍යාපතිය වළක්වාගැනමී වෙනුවෙන් අනෙක් විද දුෂ්කරතා මධ්‍යයේ සිය රාජකාරීන් ප‍්‍රමුඛ කොට සළකා ඉටුකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ ගණනාවක් වෙනුවෙන් විසඳුම් ලබාදීමට එකඟත්වය පලකර සිටිය ද මේ දක්වා එම එකඟතා ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු පාර්ශවයන් කටයුතු කර නොමැත.

එසේම රටතුළ පවතින කොවිඩ් නිරෝධායන හදිසි තත්වයන් හමුවේ විවිධ දුෂ්කරතාවන් ආර්ථික අර්බුද හා ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටලූ හමුවේ ජන ජීවිත සුවපත් කරීමට ඉතා අවිවේකීව සිය රාජකාරීන් ඉටු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ලබා දුන් රු 7500ක් වූ කොවිඩ් විශේෂ දීමනාව නතර කිරීම, නිම කරනු ලබන රාජකාරීන් සඳහා නියමිත ගෙවීම් ලබා නොදීම රාජ්‍ය පරිපාලන චකුලේඛණ ප්‍රතිපාදන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් 2021.09.22 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා සමස්ත ලංකා සුවසේවා සංගමයේ සහයෝගය ලබා දෙන බවත් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් හි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් සිදුවන යම් රෝගී සත්කාර සේවාවන් හි යම් බ්ද වැටීමක් ඇති වුවහොත් එහි වගකීම අදාල බලධාරීන් විසින් බාරගත යුතු බවත් දන්වා සිටිමු.