ගුරු-විදුහල්පති අරගලය මර්දනයට ආණ්ඩුව අඛණ්ඩව පොලීසිය යොදාගනී - රථ පෙළපාලියට පැමිණි වාහන හිමිකරුවන් පොලීසියට කැඳවයි

teachers-protest

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලූ විසඳීමට කටයුතු නොකරන ආණ්ඩුව මේ ආකාරයෙන් දිගින් දිගටම පොලීසිය යොදා ගනිමින් ගුරු විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු යොදමින් සිටින බව පෙන්වා දෙන ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය  ආණ්ඩුවේ මෙම මර්දනකාරී පිළිවෙත පරාජය කිරීමට එක්සත්ව පෙළ ගැසෙන ලෙස අනකෙුත් සියලූම වෘත්තීය සමිති හා බහුජන සංවිධානවලින් ඉල්ලා සිටි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, 2021.07.12 දින සිට කි‍්‍රයාත්මක වෙමින් පවතින ගුරු-විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කර ගැනීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට අදට දින 81 කි. මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ග තුළ 2021 අගෝස්තු 4 දින කඩවත, කොට්ටාව, වැලිසර, මොරටුව නගරවලින් කොළඹ නගරයට රථ පෙළපාලිවලින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු විදුහල්පතිවරු උද්ඝෝෂණයේ නිරත විය. එම රථ පෙළපාලිවලට පැමිණි වාහනවල අංක අනුව පොලීසිය විසින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අදාළ වාහන හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන 2021.10.02 දින පෙ.ව. 10.00 ට කොටුව පොලීසියට පැමිණෙන ලෙස මේ වන විට දැනුම් දෙමින් තිබේ. ගුරු විදුහල්පති ගැටලූවලට සාධනීය විසඳුම් ලබාදීමට කටයුතු නොකරන රජය, රථ පෙළපාලිය පවත්වා මාස දෙකකට ආසන්න කාලයක් ගෙවී යමින් තිබියදී මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ගුරු විදුහල්පතිවරු බිය ගන්වා තවදුරටත් අඛණ්ඩව කි‍්‍රයාත්මක වන අරගලය මර්දනය කිරීම සඳහාය.

අගෝස්තු 4 දින මෙම රථ පෙළපාලියට සහභාගි වී ආපසු යමින් සිටින ගුරුවරු සහ විදුහල්පතිවරු 44 ක් අනීතිකව අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රඳවා තබා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද පොලීසිය කටයුතු කළේය. එසේම මහනුවර ප‍්‍රදේශයේ පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණවලට සහභාගිවූ පිරිසක් ද අධිකරණයට කැඳවීමට පොලීසිය කටයුතු කළ අතර, උද්ඝෝෂණවලට සහභාගි වූ මහනුවර ප‍්‍රදේශයේ දෙදෙනෙක් සඳහා බලහත්කාරයෙන් කෝවිඞ් 19 ඇන්ටිජන් පරීක්ෂණ කරවීමට ද කටයුතු කළේය.

එසේම ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කරුණු අනාවරණය කර ගැනීම සඳහා වාර්තාවක් කැඳවීම’ මැයෙන් හොරණ මූලස්ථාන පොලිස් ස්ථානයේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් හොරණ, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය ප‍්‍රාදේශීය ලේකම්වරු අමතා ලිපියක් යොමුකර 2021.07.25 සහ 2021.08.05 යන දිනයන්හිදී ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් පවත්වන ලද රැස්වීම්, පෙළපාලි හා උද්ඝෝෂණ පවත්වන ලද ස්ථාන, සංවිධානය කරන ලද පුද්ගලයින්, සහභාගි වූ සංඛ්‍යාව, එම උද්ඝෝෂණ පැවති දිනයෙන් පසුව කෝවිඞ් 19 අසාදිතව මියගොස් හා ආසාදිත වූ ගුරු විදුහල්පතිවරු පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස දන්වා තිබුණි.

එසේම සැප්තැම්බර් 21 දින ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක‍්‍රම වීරසිංහ මහතා හා මිනුවන්ගොඩ දෙවලපොළ විදුහලේ ගුරුවරියක් අසත්‍ය චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලූ විසඳීමට කටයුතු නොකරන ආණ්ඩුව මේ ආකාරයෙන් දිගින් දිගටම පොලීසිය යොදා ගනිමින් ගුරු විදුහල්පතිවරු මර්දනය කිරීමට කටයුතු යොදමින් සිටී. ආණ්ඩුවේ මෙම දීන උත්සාහයන් සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය හා පිළිකුළ ප‍්‍රකාශ කර සිටිමු. එසේම ආණ්ඩුවේ මෙම මර්දනකාරී පිළිවෙත පරාජය කිරීමට එක්සත්ව පෙළ ගැසෙන ලෙස අනකෙුත් සියලූම වෘත්තීය සමිති හා බහුජන සංවිධානවලින් ඉල්ලා සිටිමු.