ජාතික සම්පත් විකිණිමට එරෙහිව දේශපාලන නායකයින් දැනුවත් කිරීම ආරම්භ කරයි

ජාතික සම්පත් විකිණිමට එරෙහිව දේශපාලන නායකයින් දැනුවත් කිරීම ආරම්භ කරයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය වෘත්තීය සමිති නායකයෝ දේශපාලන පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කිරීම සඳහා ආරම්භයක් ලෙස ඊයේ (02) දින ජනතා විමුක්ති ජපරමුණේ නායකයින් මුණගැසුණු අතර, අද දින (03) ප්‍රජාත්‍රන්තවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා හමුවන බව එම පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගමකට විකිණීම, වරාය සතු ඉඩම් හා සේවා විකිණීම, තෙල් ටැංකි විකුණා දැමීම හා තෙල් සංස්ථාව අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකිරීම හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.