පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම ගැනීම වයස දික්කිරීමට යෝජනා

පෞද්ගලික සේවකයින්ගේ විශ්‍රාම ගැනීම වයස දික්කිරීමට යෝජනා

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාමගැන්වීමේ අවම වයස අවුරුදු 60 ලෙස නීතිගත කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබේ.

එම වයස නීතිගත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට නීතිපතිවරයාගේ සහතිකයද ලබා දී ඇති අතර පෞද්ගලික අංශ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස මින් පෙර පැවැතියේ වයස අවුරුදු 55 ලෙසය.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සේවකයින්ගේ රක්ෂාව අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමටද නියමිතය.

මෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වන සේවකයින් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතය.

(ශ්‍රී ලංකා මිරර්)