උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම ගැන කතිකාවක්

උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම ගැන කතිකාවක්
පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.

එම ලිපිය පහතින් අමුණා ඇත..
 
 
2021.10.04
මහාචාර්ය කපිල පෙරේරා,
ලේකම්,
අධ්යාපන අමාත්යාංශය.
 
ලේකම් තුමනි,
 
පවතින ගුරු හිඟතාවය මඟහරවා ගැනීමට උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම.
 
උක්ත උධෘතය යටතේ ED/02/29/21/AL/01/2020 අංක සහිත 2021.09.22 දිනැතිව සියලූම පළාත් අධ්යාපන ලේකම්වරුන් වෙත යොමු කර ඇති ලිපිය හා බැඳේ.
 
රටතුළ පවතින ජාතික හා පළාත් පාසල්වල 60 000 කට ආසන්න ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන්ට හා දැනට අභ්යාසලාභී පුහුණුවේ සිටින උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට අවස්ථාව හිමිවන පරිදි අදාළ බඳවාගැනීම් සිදු කරන ලෙස දීර්ඝ කාලයක් අප සංගමය මඟින් හිටපු ගරු අධ්යාපන අමාත්යතුමා වෙතත්, වත්මන් ගරු අධ්යාපන අමාත්යතුමා ඇතුළු ඔබතුමාටත් ලිඛිතවත් සාකච්ඡා අවස්ථාවලදීත් කරුණු ඉදිරිපත් කර ඇත.
 
රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම 2020 වැඩ සටහන යටතේ 2020.02.07 දින අයදුම්පත් කැඳවීමේ පළමු ගැසට් නිවේදනයේ හා පුවත්පත් දැන්වීම් තුළම උක්ත වැඩසටහන යටතේ අභ්යාසලාභීන් පාසල් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට නියමිත බව එහි පැහැදිලිව සඳහන් කර තිබුණි. ඒ සඳහා අදාළ පරිපාලන කටයුතු සිදුවිය යුතුව තිබූ අතර එම කරුණට අදාළව අලූතින් දිනා ගැනීමට දෙයක් නොතිබුණු අතර එය විශේෂ උත්කර්ශයට නැංවීම අවශ්යතාවයක් ඇතැයි අප සංගමය නොදකිමු.
 
2) පාසල් සඳහා අනුයුක්ත කර ඇති අභ්යාසලාභීන් අතර පාසල් ගුරු තනතුරු සඳහා අකමැත්ත පළ කරන පිරිසක් ද සිටී. පාසල්වලට අනුයුක්ත කිරීමේ දී පරාදේශීය ලේකම් කාර්යාලවලට යොමු කල අභ්යාසලාභීන් අහඹු ලෙස තෝරාගෙන පාසල්වලට යොමු කර ඇති අතර පාසල්වලට අනුයුක්ත නොවූ අභ්යාසලාභීන් අතර ද ගුරු සේවය සඳහා සුදුසුකම් සපුරා ඇති කැමැත්ත සහිත පිරිසක් සිටීම හා එම පිරිස සඳහා ද අවස්ථාව ලබාදීම.
 
3) අභ්යාසලාභීන් අතරින් 18 000ක පරමාණයක් බඳවා ගැනීමට නියමිත බව ආණ්ඩුව පරකාශ කර ඇති අතර දැනට ජාතික පාසල්වල හා පළාත් පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරින් රටේම පාසල්වල 2000 කට අඩු පිරිසක් සිටින අතර ඔවුන්ට ද මෙවර අවස්ථාව උක්ත පදනමින්ම හිමිවිය යුතු බව අපි පෙන්වා දී ඇති අතර එය කරියාත්මක විය යුතු බව ද අවධාරණය කරමු.
 
4) සෞන්දර්ය විශේෂවේදී උපාධිධාරීන්, භාෂා උපාධිධාරීන් ඇතුළු ගුරු සේවය සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් පාසල්වල සංවර්ධන නිලධාරී තනතුරු යටතේ අනධ්යන කටයුතුවල නිරතවන අතර එම උපාධිධාරීන් සඳහා ද අවස්ථාව ලබා දීම සාධාරණ වනු ඇත.
 
5) 60 000 කට ආසන්න පුරප්පාඩු තිබිය දී අභ්යාසලාභීන් 18 000කට මෙන්ම ජාතික හා පළාත් පාසල්වල දැනට සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ට/ පළාත් මට්ටමින් ගුරු තරඟ විභාග පවත්වා සමත්ව සිටිය ද සංවර්ධන නිලධාරීන් නිසා ගුරු සේවයට බඳවා නොගත් හා 2019 වර්ෂයේ බඳවාගත් උපාධිධාරීන් අතර ද සුදුසුකම් සහිත මෙම කණ්ඩායම් පිළිබඳව අධ්යාපන අමාත්යාංශ බලධාරීන් හා ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කර ගුරු සේවා පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ සාධාරණ අවස්ථාවක් සකස් කළ යුතුව ඇත.
 
ඒ සඳහා අවශ්ය පියවර කඩිනමින් කරියාත්මක කරන මෙන් අප සංගමය යළිත් වරක් සියලූම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
 
ස්තූතියි.
 
මෙයට,
 
චන්දන සූරියආරච්චි
 
පිටපත් :- (දැ.ගැ.පි./අ.ක.ස.)
1) ගරු අධ්යාපන අමාත්ය - දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
2) ගරු අධ්යාපන රාජ්ය අමාත්ය - සුසිල් පේරමජයන්ත මැතිතුමා
3) ජනාධිපති ලේකම් - ජනාධිපති ලේකම් කාර්යාලය
4) අගරාමාත්ය ලේකම් - අගරාමාත්ය ලේකම් කාර්යාලය
5) අමාත්ය මණ්ඩල ලේකම් - අමාත්ය මණ්ඩල කාර්යාලය
6) ගරු සියලූම පළාත් ආණ්ඩුකාරවර තුමන්ලා

7) සියලූම පළාත් පරධාන ලේකම්වරුන්