වසරක පුහුණුව අවසන් සියලූ අභ්‍යාසලාභීන් ගැන ගන්නා තීරණ ගැන දැනුම්දෙයි

වසරක පුහුණුව අවසන් සියලූ අභ්‍යාසලාභීන් ගැන ගන්නා තීරණ ගැන දැනුම්දෙයි

2020 රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩ සටහන යටතේ 53 000 කට ආසන්න උපාධිධාරීන් ප්‍රමාණයක් අභ්‍යාසලාභී පුහුණුව සඳහා අනුයුක්ත කර ඇති බවත්, 2020 සැප්තැම්බර් 02 දින ආරම්භ වූ වසරක පුහුණු කාලය 2021 සැප්තැම්බර් 03 දිනෙන් අවසන් වූ අතර නියමිත වසරක පුහුණු කාලය ඉකුත් වී ඇති බවත්, සංවර්ධන නිලධාරී සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එසේ නියමිත පුහුණු කාලය අවසන්ව තිබිය දී තවදුරටත් ස්ථීර කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාමාර්ග ගැනීමට තම සංගමය කටයුතු කරමින් සිටින බවත් එහි එක් පියවරක් ලෙස එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමු රත්නපුර නගරයෙත්, ඇල්පිටිය නගරයෙත්, ඇඹිලිපිටිය නගරයෙත් අද (10) දින පෙරවරු 10.00ට පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.