අගමැති කොළ එළි දැල්වුවා - මුරුත්තෙට්ටුවේ නාහිමි

rev-muruththettuwe-ananda

ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඊයේ (11) දින අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
මෙම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස අද (12) දින දහවල් 12.00 ට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද උන්වහන්සේ කීහ.
වැටුප් වැඩි කිරීම සඳහා ගුරු - විදුහල්පතිවරුන් ගෙනයන අරගලය සාධාරණ බව අගමැතිවරයා පිළිගත් බවත් වසර 24 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට එකවර විසඳුම් දිය හැකිද යන්න අද (12 ) දින ගුරු සංගම් සමඟ සාකච්ඡාවේදී තීරණය වන බවත් උන්වහන්සේ කීහ.
අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති සාකච්ඡාව සඳහා අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, අග‍්‍රාමාත්‍ය කාර්යාල ප‍්‍රධානීන් සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් කිහිපදෙනකු සහභාගිවී සිටි බවද උන්වහන්සේ පැවැසූහ.