අභ්‍යාසලාභින් ස්ථිර කිරීම සම්බන්ධයෙන් අලුත් හෙළිදරව්වක්!

අභ්‍යාසලාභින් ස්ථිර කිරීම සම්බන්ධයෙන් අලුත් හෙළිදරව්වක්!

අභ්‍යාසලාභින් ස්ථිර කිරීම මැතිවරණයක් දක්වා ඇඳගෙන යාමේ සූදානමක ආණ්ඩුව සිටින බවත් අදවනවිට අභ්‍යාසලාභී උපාධිධාරීන් මුහුණදී සිටින ගැටළු කිහිපයක් සබන්ධයෙන් එකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤණානන්ද  හිමියන් විසින් විශේෂ කරුණු රැසක් මාධ්‍ය හමුවට ඉදිරිපත් කර තිබේ.

උන්වහන්සේ සඳහන් කරන ආකාරයට මේ වන විට මාර්ගගත ක්‍රමයට  උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ  තොරතුරු රැස් කිරීම සිදු වන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් නිර්දේශයක් නොමැතිකමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් කාර්යාල වල පැහැදිලි කමක් නොමැති කම නිසා තොරතුරු රැස් කිරීමේදී ගැටළු මතුව තිබේ.

අමතරව මෙම අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කර ගැනීමේදී රාජ්‍ය පාර්ශවයෙන් වාචිකව දුන් පොරොන්දුවකට අනුව  බඳවා ගත් සියලුම උපාධිධාරී  අභ්‍යාසලාභීන්  එකම දිනයක ස්ථිර කිරීමට කටයුතු කරන බව  ප්‍රකාශ කලත්  ස්ථිර කිරීමට ආසන්න මොහොතක ප්‍රාදේශීය කාර්යාල වලට නිසියාකාරව නිර්දේශ නිකුත් කර නොමැති වීම ද බරපතළ ගැටලුවක් වන බව තැන්නේ ඤණානන්ද හිමියන් මෙහිදී සඳහන් කළේය.

ඒ වගේම අභ්‍යාසලාභීන්ගේ පුහුණුව අවසන් කිරීම පළාත් සභා ඡන්දය දක්වාම ඇදගෙන යාමේ ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව සූදානම් වන බවත් මෙහිදී උන්වහන්සේ  පැවසිය.