උපාධිධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් දෙන්න -රජයෙන් ඉල්ලීමක්

උපාධිධාරීන් හා අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් දෙන්න -රජයෙන් ඉල්ලීමක්
රාජ්ය හා පළාත් රාජ්ය සේවා MN-04 ආශරිත සේවා උපාධිධාරීන්ගේ හා අභ්යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාගැනීම සම්බන්ධයෙන් දැණුවත් කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ලිඛිතව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත ලිපියක් ඉදිරිපත්කර තිබේ.

එහිදී රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවා MN-0 ආශ‍්‍රිත සේවාවට අයත් විවිධ තනතුරු දරණ උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී නිලධාරීන්ට අදාළව වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් හා අභ්‍යාසලාභී පුහුණුවේ නිරත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු ගැනත් වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

සංගමය විසින් නිකුත්කරන ලද සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි...
 
2021.10.25
 
ගරු රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්ය,
ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා,
සියලූම පළාත් ආණ්ඩුකාරවර තුමා/තුමිය,
ලේකම්,
රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය,
සියලූම කැබිනට් අමාත්ය ලේකම්වරුන්,
සියලූම රාජ්ය අමාත්යාංශ ලේකම්වරුන්,
සියලූම පළාත් පරධාන ලේකම්වරුන්,
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්,
 
ගරු අමාත්යතුමනි, ආණ්ඩුකාරවරතුමනි/තුමියනි, ලේකම්වරුනි, අධ්යක්ෂ ජනරාල් තුමනි,
 
රාජ්ය හා පළාත් රාජ්ය සේවා MN-04 ආශරිත සේවා උපාධිධාරීන්ගේ හා අභ්යාසලාභී උපාධිධාරීන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාගැනීම. 
 
රාජ්ය සේවා හා පළාත් රාජ්ය සේවා MN-04 ආශරිත සේවාවට අයත් විවිධ තනතුරු දරණ උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී නිලධාරීන්ට අදාළව වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ගැටළු කිහිපයක් ඇත. එමෙන්ම අභ්යාසලාභී පුහුණුවේ නිරත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම සම්බන්ධයෙන් ද රාජ්ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය විසින් වරින්වර නිකුත් කරන පරකාශ සම්බන්ධයෙන්ද ව්යාකූලතාවයක් නිර්මාණය වී ඇත.
 
අධ්යාපනයේ ඉහළම අධ්යාපන මට්ටම සම්පූර්ණ කරගත් උපාධිධාරීන්ට උපාධියට ගැළපෙන සාධාරණ හා වෘත්තීයභාවයක් සහිත වෘත්තීය පසුබිමක් සකස් කරන ලෙස දශක කීපයක සිට අදාළ බලධාරීන්ට හා පැවති හැම ආණ්ඩුවකටම හඩ ගා පරකාශ කළද නෑසූ කන් ඇතිව සිටීම බරපතල ගැටළුවකි.
 
අප රටේ සිටින බුද්ධිමය මානව සම්පත රාජ්ය සේවය තුළ නිසි කළමනාකරණයක් කරමින් ආකර්ෂණීය හා රැකියා තෘප්තිය ඇතිවන පරිදි නිසි ජාතික පරතිපත්ති සකස් කිරීමට මොනතරම් අදහස් යෝජනා ලබා දුන්න ද රාජ්ය යාන්තරණයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ වැඩ වසම් චින්තනය හේතුවෙන් අද එම මානව සම්පත අවිධිමත්ව නිසි පරයෝජනයක් නොමැතිව කාලය තුළ අතරමං කර ඇත.
රාජ්ය සේවයට බඳවාගෙන ඇති උපාධිධාරීන්ගේ ගැටළු විසඳීමට උත්සහ දරද්දී රැකියාවක් ලබා දී තියෙනවා ඒ ඇති වැනි ඇතැම් නිලධාරීන්ගෙන් විවිධ පරකාශ මඟින් රාජ්ය සේවය තුළ උපාධිධාරීන්ගේ වෘත්තීය අනාගතය කුමන තැනකට තල්ලූවිය හැකිදැයි හොඳින්ම පැහැදිලිය.
 
වියත්මග මුල් කරගනිමින් ඉතා විද්යාත්මක හැදෑරීමක් සහිත රාජ්ය පාලනයකට අවතීරණය වී ඇති වත්මන් රජයෙන් රාජ්ය සේවයේ හා පළාත් රාජ්ය සේවයේ, සේවයේ නියුතු ආශරිත සේවාවට අයත් උපාධිධාරීන්ගේ වෘත්තීය ජීවිතයේ මුහුණදෙන පරධාන වෘත්තීය ගැටළු වලට විසඳුමක් අපේක්ෂා කරමු. 2019/2020 වර්ෂවල වත්මන් ආණ්ඩුවේ පරධානීන් එවැනි ආකාරයේ පොරොන්දු ලබාදීම නිසාම පැවති මැතිවරණ වලදී 80% ඉක්ම වූ තැපැල් ඡුන්ද භාවිතා වූයේ ද එම නිසාවෙනි.
 
රටක අධ්යාපනය හා එම අධ්යාපනයේ ඵල භුක්ති විඳින පරජාව රටේ ආර්ථිකය හා නිෂ්පාදනය මෙන්ම ඵලදායිතාව වෙනුවෙන් ජාතික සැලස්මක් යටතේ යොදා ගැනීමේ ජාතික අභිලාෂය වෙනුවෙන්ද, ලබාදී ඇති පොරොන්දු අනුවත් පහත සඳහන් ගැටළුවලට කඩිනමින් විසඳුම් අපේක්ෂා කරමු.
 
පහත දක්වන ගැටළුවලට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර ආශරිත සේවාවට අයත් ඇතැම් නිලධාරීන් විශරාම යමින් සිටින අතර අවම වෘත්තීය හිමිකම් පවා නොලබමින් එසේ විශරාම යාමට සිදුවීම බරපතල වෘත්තිය කප්පාදුවකි. එම සියලූ කරුණු සැලකිල්ලට ගනිමින් පහත සඳහන් ගැටළු සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුම් අපි අපේක්ෂා කරමු.
 
1) 06/2006 වැටුප් චකරලේකය මඟින් ඇතිකළ වැටුප් විෂමතාවය ඉවත් කර මූලික වැටුප් ඉහළ දැමීම හා 9/2004 චකරලේකයේ T-B-2-5-2 වැටුප් තලය අනුව ශ්රේණි 02ක තනතුරු ඇති කිරීම.
2) 2018 වර්ෂයේ දී ඇති කිරීමට තීරණය වූ MN-07 අධීක්ෂණ සංවර්ධන නිලධාරී තනතුරු ඇතුළුව තනතුරු උසස්වීම් පටිපාටියක් කරියාත්මක කිරීම.
3) ඵලදායී හා ගුණාත්මක සේවාවකට යෝග්යවන පරිදි රාජකාරී පැවරීමේ කරමවේදයක් සැකසීම.
4) 2016 සිට බඳවාගන්නා රාජ්ය සේවකයින්ට අහිමිකර ඇති විශරාම වැටුප් හිමිකම ස්ථීර පත්වීම් ලිපි මඟින් සහතික කිරීම.
5) ගමන් වියදම් දීමනා ඉහළ දැමීම.
6) අභ්යාසලාභී පුහුණුකාලය ස්ථීර සේවා කාලයට එකතු කිරීම.
7) 2020 රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමට අදාළ අභ්යාසලාභීන් තවදුරටත් කල් නොගෙන කඩිනමින් ස්ථීර කිරීම.
 
ඉහත සඳහන් ගැටළු සඳහා පිළිගත හැකි විසඳුමක් ඉදිරි කාලසීමාව තුළ අපේක්ෂා කරමු. සාධනීය විසඳුමක් නොමැති වුවහොත් 2021.11.08 දින එක්දින වැඩ වර්ජන කරියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ද මෙයින් ලිඛිතව දන්වා සිටිමු.
 
ස්තූතියි.
 
මෙයට,
චන්දන සූරියආරච්චි
රධාන ලේකම්
 
පිටපත් -
1). ජනාධිපති ලේකම්තුමා
2). ලේකම් - රාජ්ය සේවා කොමිෂන් සභාව
3). පළාත් රාජ්ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන්

4). සියලූම දිස්තරික් ලේකම්වරුන්