සේවක වැටුප් වැඩිවීම හා අනෙකුත් ප්‍රතිලාභ නොදීම ගැන බැංකු සේවක සංගමයෙන් චෝදනාවක්

සේවක වැටුප් වැඩිවීම හා අනෙකුත් ප්‍රතිලාභ නොදීම ගැන බැංකු සේවක සංගමයෙන් චෝදනාවක්

බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්‍රතිලාභ ලබාදීම සඳහා වන  සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

රාජ්‍ය බැංකු හත සඳහා වසර තුනෙන් තුනට සාමූහික ගිවිසුම් අත්සන් කළ යුතු අතර සාමාන්‍යයෙන් ජනවාරි මාසයේදී එම ගිවිසුම් අත්සන් කළ යුතු නමුත් මේ දක්වා එවැන්නක් සිදුව නැතැයි ද ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රන්ජන් සේනානායක මහතා පවසයි.

බැංකු සේවකයන් වැටුප් වැඩකිරීම සඳහා ඒ ඒ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පවා වෙන්කර ඇතැයි ද ලේකම්වරයි කීය.