උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගය නායයෑමට ලක්වීම,පස්කඳු හා ගල් කඩා වැටීම ආදී ආපදා තත්ත්වය මත කොළඹ කොටුව හා මහනුවර දුම්රිය ගමන් වාර 08 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ පහත සඳහන් දුම්රියන්

07:00 (1009)

15:35 (1029)

16:35 (1035)

17.10 (1037)

04.30( 1038)

06:15 (1030)

06:30 (1036)

15:00 (1010)
️පවතින අයහපත් කාලගුණික තත්වයන් මධ්යයේ මේ වන විට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමට සේවක කණ්ඩායම් යුහුසුලුව කටයුතු කරමින් සිටී.. ඒ අනුව අවලංගු කල දුම්රිය හැකි ඉක්මණින් නැවත ධාවනයට එක් කිරීමට හැකි වෙතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩබිම හා සඳහන් කළේය.