අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම ගැන අමාත්‍යාංශයෙන් අලුත් බලාපොරොත්තුවක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම ගැන අමාත්‍යාංශයෙන් අලුත් බලාපොරොත්තුවක්!

වසරක පුහුණු කාලයකින් පසු ස්ථීර කිරීමේ පදනමින් අවස්ථා තුනකදී රාජය සේවය සඳහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් මාස 12 ක සේවා කාලයකින් පසු ස්ථිර සේවයට බදවා ගන්නා බවට පසුගිය දාහත් වෙනිදා රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම්වරයා පොරොන්දු වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.

අවස්ථා තුනකදී බඳවාගත්  මෙම අභ්‍යසලාභී උපාධිධාරීන් 53000ක  පිරිස මේ වසරේ සැප්තැම්බර් තුන්වෙනි දිනට  බලපැවැත්වෙන ලෙස ස්ථිර කරන ලෙස ඉල්ලා  රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසූ බවයි සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසෙදි පුහුණුවට බදවා ගත් උපාධිධාරීන් මේ වසරේ දෙසැම්බර් 31  වැනිදා වනවිට ස්තිර කරණ බවට පොරොන්දු වී තිබෙන අතර පසුව මේ වසරේ පෙබරවාරි හා මාර්තු මාස වල බඳවාගත් පිරිස මාස 12ක පුහුණු කාලය අවසානයේ බඳවා ගන්නා බවට පොරොන්දු වූ බව හෙතෙම සඳහන් කළේය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී පුහුණුවට බඳවා ගත් උපාධිධාරීන්  ස්ථීර පත්වීම්  ලබාදෙන අවස්ථාවේදීම පෙබරවාරි හා මාර්තු මාසවල දී බඳවාගත් උපාධිධාරීන් සේවා ස්ථානවල තනතුරුවලට අනියුක්ත කර මාස 12 ක් සම්පූර්ණ වූ පසු ස්ථිර කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළ බවයි සූරියආරචිචි මහතා ප්‍රකාශ කළේ.