වෘත්තීන් ඉලක්කකර ඉදිරිපත් කල අයවැයක් - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

prof-prasanna-perera

ආණ්ඩුව මේ අයවැය ඉදිරිපත් කරන්නේ වෘත්තීන් ඉලක්ක කරගත්ත අයවැයක් විදියට. ඒ හින්දා රටේ වෘත්තීන්ට අදාළ යම් යම් යම් ක්‍රියා මාර්ග මේ අයවැයෙන් අරන් තියෙනවා. ජීවන වියදම පිළිබඳ මතුව ඇති ගැටළුවට යම් විදියකින් උත්තර හොයන් උත්සහ කරල තියෙන වක් පෙනේන්නට තියෙනවා.  නමුත් මේ අයවැයෙන් මේ රටේ තිබෙන ප්‍රධාන ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කරලා නැහැ කියන එක තමයි මගේ මූලික තර්කය.

ඒ මූලික ආර්ථික ගැටලුව තමයි ආර්ථිත ස්ථායිතාව. ආර්ථික ස්ථායිතාවයේ කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි බාහිර ස්ථායිතාවය. බාහිර ස්ථායිතාවය කියන්නේ ගෙවුම් ශේෂය, විදේශ වත්කම් සහ විනිමය අනුපාතිකය ආශ්‍රිතව තියෙන තත්ත්වය. යමි ආකාරයකින් හරි ආණ්ඩුව උත්තර හොයන්න හදලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වාහන ආනයනය තවදුරටත් සීමා කිරීමෙන් සහ තියෙන රබර් නිෂ්පාදන ආශ්‍රිතව යම් යම් ආනයන සීමා කිරීමෙන් පමණයි.

අනිත් සියලුම දේවල් හිතලු විතරයි. මේ වෙනකොට ආණ්ඩුව අයවැය හිඟය මුල්‍යනය කරන්න හදනවා. එහෙම නැත්නම් අයවැය හිඟය පියවගන්න උත්සහ කරන්නේ සම්පූර්ණයෙන්ම දේශීය මූලාශ්‍රවලින් ණය ලබා ගැනීමෙන්. මේ දත්ත සුපරික්ෂාකාරීව බැලුවොත් විදේශීය මූල්‍යනය ඝෘණ අගයකට ගෙනල්ලා තියෙනවා. මේ නිසා දේශීය මූලාශ්‍රවලින් ගන්න ණයවලින් කොටසක් විදේශීය ණය ගෙවීම් සහ පොලී ගෙවීම් වගේ දේවල්වලටත් යොදවන බවක් පෙනෙන්න තියෙනවා.

මේකෙ තියෙන අර්බුදය තමයි, මේ රටේම මූලාශ්‍රවලින් විදේශීය ණය පියවන්න පුළුවන් වෙන්නේ 3%ක් 5%ක් වගේ ප්‍රමාණයක්විතරයි. ඉතුරු ප්‍රමාණය පියවන්න මේ වෙලාවේ ආණ්ඩුවට ඩොලරුත් නෑ. මේ නිසා සිද්ධ වෙනවා මහ බැංකුවට මේ වෙලාවේ මැදිහත් වෙලා මහ බැංකුවේ විදේශ වත්කම්වලින් මේක පියවා දාන්න. අවසානවා තමයි මහ බැංකුවේ විදේශ වත්කමමුත් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ බරපතල ආර්ඝික අර්බුදය ආමන්ත්‍රණය නොකිරීම කණගාටුවට කරුණක්. මේ වෙලාවේ ආර්ථික ස්ථායිතාවයට තමයි ප්‍රමුඛතාවය දිය යුත්තේ.

(උපුටා ගැනීම අනිද්දා)